Header

Sri Lanka Army

Defender of the Nation

22nd October 2016 22:53:06 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම් දිනය සෙනසුරාදා (22) දින පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති රණවිරු ස්මාරකය අභියස ආගමික වතාවන් හට ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් අභිමානවත් අයුරින් පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා සැමරුම් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ජයසක් බෙර හඩ මධ්‍යයේ සැමරුම් භුමිය වෙත කැදවාගෙන එන ලදී.

ඉන් අනතුරුව ජාතික ගීය ගායනා කර මියගිය රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි විසින් පිලිගැනීමේ කතාව සිදුකරන ලදී.

සියලුම ආගම් නියෝජනය වන පරිදි සර්වාගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව රෙජිමේන්තු අධිපති තුමා ඇතුලු ආරාධිත අමුත්තන් විසින් මියගිය රණවිරුවන් සිහිකිරීමට තැනු රණවිරු ස්මාරකය වෙත තම ආචාරය පුද කලහ. රණවිරු පාඨය කියවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා විසින් රැස්ව සිටි පිරිස අමතන ලදී.

ඉන් පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රථමයෙන්ම රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වු අතර, ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු ජ්‍යේෂ්ඨ නිළධාරීන්ද, ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨයන්ද, ඒකක අණදෙන නිළධාරීන්, අනෙකුත් නිළධාරීන්, බළලත් නිළධාරීන්, සෙසු නිළයන්, දෙමාපියන්, දු දරුවන් සහ ළගම ඥාතීන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.

මියගිය රණවිරුවන් සිහිකිරීම සදහා තැනු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඔවුන්ට ගෞරවය පුදකිරීම සදහා පසුබැසීමේ වාදනය සිදුකරන ලදී.

මෙම සැමරුම් උත්සවය සදහා හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වන ජෙනරාල් එස්.එචි.එස් කෝට්ටේගොඩ, ජෙනරාල් ආර්.එම්.ඩි රත්නායක යන මහත්වරුන්, විශ්‍රාමික නිළධාරීන්, සේවයේ නියුතු නිළධාරීන් හා සෙසු නිළයන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Asics shoes | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf