Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2016 12:35:36 Hours

දේශීයව නිපදවූ නව නිපැයුම් යුද සහ ගුවන් හමුදාවන් වෙත

ආරක්ෂක හමුදාවන් සඳහා අවශ්‍ය දේශීය තාක්ෂණික උපකරණ තොගයක් සංකේතාත්මකව ත්‍රිවිධ හමුදාව වෙත භාර දීම බ්‍රහස්පතින්දා (20) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු විය.

මුදල් සහ සම්පත් ඉතිරි කර ගැනීමේ අරමුණින් යුතුව නවීන තාක්ෂණය යොදා ගනිමින් ත්‍රිවිධ හමුදාව සඳහා අවශ්‍ය මෙම උපකරණ ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් ව්‍යාපෘති 6 ක් යටතේ නිපදවා ඇත.

එහිදී ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් එම නව නිපැයුම් සංකේතාත්මකව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති වෙත එම අවස්ථාවේ පැවති චාම් උත්සවයක දී ලබා දෙනු ලැබීය.

බ්‍රහස්පතින්දා (20) පැවති එම නව නිපැයුම් හදුන්වාදීමේ අවස්ථාවේ දී යුද හමුදා රෙජිමේන්තු ගිණුම් කටයුතු ඉතා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ මෘදුකාංගයක්, කාලතුවක්කු වෙඩි තැබීම් පුහුණුවීම් කළ හැකි ආකෘතියක්, ඩ්‍රෝන් යානාවක්,  ගුවන් නියමුවන් පුහුණු කරනු ලැබූ කේ - 8 වර්ගයේ පුහුණු ගුවන් යානයක අකෘතියක්, සහ සුළු අවි වෙඩි තැබීම් සහ ජීව වෙඩි තැබීම් වලදී පසුපස ක්‍රියාකාරීත්වය හදුනාගත හැකි පද්ධතියක් හදුන්වා දෙනු ලැබීය.

රෙජිමේන්තු ගිණුම්කරණ මෘදුකාංග පැකේජයෙහි වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 10 ක් වන අතර, මෙමගින් යුද හමුදාව තුළ ගිණුම්කරන කර්යක්ෂමතාව වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබේ. මෙම මෘදුකාංගය මගින් යුද හමුදාවට වසරකට සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයක මුදල් ඉතිරි කර ගත හැක.

කාලතුවක්තු වෙඩි තැබීම් පුහුණුවීම් සිදුකිරීම සඳහා භාවිතා කළ හැකි ආකෘතිය සඳහා රුපියල් මිලියන 4.5 ක් වැය වූ අතර, එහි වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 150 ක් වන අතර, මෙමගින් රුපියල් මිලියන 145.5 ක් ඉතිරි වි ඇත. ඉදිරියේ දී මෙය හමුදා පුහුණු කටයුතු සඳහා මෙන්ම ඔවුන්ගේ ඉල්ලීම මත අනෙකුත් රටවල්වලට ද අලෙවි කිරීමට නියමිතය.

මෙම ඩ්‍රෝන යාත්‍රා ව්‍යාපෘතිය මගින් ලෝක ආපදා අවදානම් විශ්ලේෂණය, ක්ෂණික ආපදා හදුනාගෙන පාලන මධ්‍යස්ථානය සමඟ සම්බන්දයෙන් ඒවා නැවැත්වීම හෝ අවම කරගැනීම සිදු කර ගත හැකි අතර, තවද ඉදිරියේ දී යුද හමුදා යූඒවී රෙජිමේන්තු සඳහා එම යාත්‍රා සැපයීමට බලාපොරොත්තු වේ.

ගුවන් නියමුවන් පුහුණු කරනු ලැබූ කේ - 8 වර්ගයේ පුහුණු ගුවන් යානයක අකෘතිය සඳහා දේශීය ඉංජිනේරුවන් හට වැය වී ඇතිතේ මිලියන 3.24 ක මුදලක් වන අතර, එහි වෙළඳපොළ වටිනාකම මිලියන 1168 ක් වේ.

සහ සුළු අවි වෙඩි තැබීම් සහ ජීව වෙඩි තැබීම් වලදී පසුපස ක්‍රියාකාරීත්වය හදුනාගත හැකි පද්ධතියන්හි වටිනාකම පිළිවෙලින් රුපියල් මිලියන 0.38 ක් සහ රුපියල් මිලියන 1.6 ක් වන අතර, මෙම ව්‍යාපෘති දෙකෙන්ම රුපියල් මිලියන 146 ක මුදලක් රටට ඉතිරි කර ගත හැක.

එම අවස්ථාව සඳහා පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලාන් ද සිල්වා, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

Nike air jordan Sneakers | NIKE