Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2016 00:14:38 Hours

බෝගස්වැව පාසල් සිසුන් වෙත තවත් පරිත්‍යාග

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වව්නියාව බෝගස්වැව මහා විද්‍යාලයේ පාසල් සසුන් සඳහා පෙරදිග සංගීත භාණ්ඩ රැසක් සහ පරිගණක තුනක් පරිත්‍යාග කිරීම අඟහරුවාදා (18) දින සිදු කරනු ලැබීය.

ඇමෙරිකාවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරු දයාන් නවරත්න මහතා විසින් එම පාසලෙහි පරිගණක අංශය වැඩිදියුණු කිරීමේ පරමාර්ථයෙන් යුතුව එම පරිගණක තුන පරිත්‍යාග කිරිම සිදු කරන ලදී.

මේ අතර, පාසල් සිසුන්ගේ කලා කුසලතා වර්ධනය වෙනුවෙන් 5 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ජෙ.එම්.ආර් රන්දි ජයසිංහ විසින් එම පාසල් සිසුන් සඳහා පෙරදිග සංගීත භාණ්ඩ රැසක් පරිත්‍යාග කරනු ලැබීය. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි විය.

එම අවස්ථාව සඳහා විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, පාසල් සිසුන්, පරිත්‍යාගශීලීන් සමගින් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ.

spy offers | jordan Release Dates