Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2016 10:34:21 Hours

සංඥා බලකාය සිය 73 වන සංවත්සරය සමරයි

සිය 73 වන සංවත්සරයට බදාදා (19) සමගාමීව ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදි කරන ලද නව බුදු මැදුර සහ බෝධි ප්‍රාකාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සෙනසුරාදා (15) උදෑසන 5.56 ට යෙදුණ සුභ මොහොතින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ සංඥා බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ආර්.පී රෝයෙල් විසින් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පොහොය දින (15) විවෘත කිරීමේ සමරු පලකය නිරාවරනය කරනු ලැබීය.

කර්නල් සේනාවිධයකගේ උපදෙස් මත ප්‍රවීන වාස්ත්‍ර විද්‍යාඥ ඩෙනිස් පෙරේරා මහතා විසින් නිර්මාණය කරන ලද මෙම පූජනීය ස්ථානය ඉදි කරීම සඳහා සංඥා බලකා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ශ්‍රම දායකත්වය සහ විශේෂඥ දැනුම ලබා දුන් අතර, වෙනත් බැතිමතුන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා නොයෙක් ආකාරයේ සහයෝගය ලබා දෙන ලදී.

එදින සන්ධ්‍යාවේ ප්‍රධාන බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ සහභාගිත්වයෙන් යුතුව තම රෙජිමේන්තුවට ආශිර්වාදය පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනයක් ද පවත්වන ලදී.

මෙම පිරිත් පිංකම සඳහා සංඥා බලකා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි රම්‍යා කුමාරි රොවෙල් මහත්මිය, මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පවුල්වල සාමාජිකයින්,සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින්, රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සහ සුභපතන්නන් ද එක්ව සිටියහ.

මෙම පිරිත් සඡ්ඡායනය සඳහා භික්ෂූන් වහන්සේලා වැඩම කරවීම ඉතා වර්ණවත් අයුරින් සිදු කළ අතර, ඒ සඳහා ධඡ දරන්නන්, වෙස් නැට්ටුවන්, පහත රට නැට්ටුවන් සහ බෙර කරුවන් එක්ව සිටියහ. එහිදී සධාතුක ධාතු කරඩුව සහ පිරිවානා පොත් වහන්සේ වැඩම කරවූ අතර, සංඥා බලකායේ කර්නල් සේනාවිධායකවරයා විසින් ධාතු කරඩුව වඩම්මවමින් සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටිය පිරිනමමින් පිරිත් සඡ්ඡායනය සඳහා ස්වාමීන් වහන්සේලා හට ආරාධනා කරන ලදී. මෙම අවස්ථාවේ දී සංඥා බලකායේ දේශය වෙනුවෙන් දිවි රණවිරුවන් සඳහා සෙනත් පැතීම ද සිදු කරනු ලැබීය.

පසුදා උදෑසන මහා සංඝ රත්නය වෙත හීල් දානය පිරිනැමූ අතර, එදිනම භික්ෂූන් වහන්සේලා 25 නමක් සඳහා දහවල් දානය ද පිරිනැමීම සිදු කරන ලදී.

අනතුරුව සංඥා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ එහි සාමාජිකාවන් විසින් මෙම අවස්ථාවට සහභාගි වූ දිවි පිදූ සංඥා බලකා විරුවන්ගේ පවුල් සඳහා ත්‍යාග පාර්සල් පිරිනැමීම ද සිදු කරන ලදී.

Sports Shoes | NIKE AIR HUARACHE