Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2016 08:17:45 Hours

අන්තරායකර ඖෂධ පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් වෙත ඔවුන්ගේ පුහුණු වැඩසටහනේ කොටසක් ලෙස බදාදා (12) දින ‘අන්තරායකර ඖෂධ භාවිතයෙන් වැළකීම’පිළිබඳව දේශනයක් එම ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරියකු විසින් පවත්වන ලදි.

ඒ අනුව එම දේශනය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලුතිතන් බි.ඒ.ඩි.එම්. නිමේන්ද්‍ර විසින් සිදු කළ අතර, දුම්වැටි හා මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීමට හේතු පිළිබඳව සහ ඉන් වැළකී සිටීම සඳහා ගත යුතු පියවරයන් පිළිබඳ පුළුල් විග්‍රහයක් සිදු කරන ලදි.

මෙම දේශනය සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.

affiliate link trace | Ανδρικά Nike