Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2016 08:20:52 Hours

බදාදා පුහුණු දින වැඩසටහනේ දී දේශන දෙකක්

යුද හමුදාපතිගේ උපදෙස් මත පවත්වනු ලබන පුහුණු දින වැඩසටහන යටතේ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් සඳහා බදාදා (12) දින පුහුණු වැඩසටහනේ දී දේශන දෙකක් එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි.

ඒ අනුව විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් එන්.ආර්.එම්.ටි. නිශ්ශංක විසින් ‘ Labour Migration’ පිළිබඳවත්, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කපිතන් ජේ.ඒ.පි.ඩි.කේ. සේරම් විසින් ‘ Introduction to Psychological Operations’ පිළිබදවත් දේශන පවත්වන ලදි.

එමෙන්ම, බලලත් නිලධාරී II ආර්.එම්.යු. බණ්ඩාර විසින් සෙසු නිලයින් සඳහා එල්ටිටිඊ සංවිධානයේ විකාශනය පිළිබඳ දේශනයක් ද පවත්වන ලදි.

Asics shoes | Nike Shoes, Sneakers & Accessories