Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2016 08:17:44 Hours

භකාස අණසක මුලස්ථානය යුද හමුදා දිනය සමරයි

කොස්ගම පිහිටි භකාස අණසක මුලස්ථානය යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) වෙනුවෙන් ආගමික වැඩසටහන්, ශ්‍රමදාන වැඩසටහනක්, රෝහලේ තීන්ත ආලේප කිරීම සහ හමුදාමය උත්සවයක් සංවිධානය කරන ලදි.

ඒ අනුව භකාස අණසක මුලස්ථාන ආඥාපතිගේ මගපෙන්විම යටතේ සලාව, කොස්ගම, බොරළුගොඩ විහාරස්ථානයේ දී යුද හමුදාවට සෙත්පතා බෝධි පූජා පිංකමක් පවත්වන ලද අතරම, නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් සර්වෝදය ළමා නිවාසයේ අයවළුන් හට දිවා ආහාරය ද ලබාදෙන ලදි.

එමෙන්ම, යුද හමුදා දිනයේ දී (10) සලාව භකාස අණසක මුලස්ථානයේ දී යුද හමුදා 67 වන සංවත්සරය සහ යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජය එසවිම, පැළ රෝපනය කිරීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විය.

Sports Shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News