14th October 2016 08:14:21 Hours
මුලතිව් ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.පි. ප්‍රනාන්දු විසින් සිදු කරනු ලබන පළමු නිල සංචාරය ලෙස මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 64 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණිහි සංචාරය කරන ලදි.
ඒ අනුව 64 වන සේනාංක මුලස්ථානයේ දී 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, අනතුරුව ආඥාපති විසින් භට පිරිස් අමතන ලදි. මුලතිව් ආරක්සක සේනා ආඥාපති විසින් මෙහිදි මෙම සංචාරය සිහිවනු වස් පැළයක් ද රෝපනය කළහ.
ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් ප්‍රනාන්දු 642 බලසේනා භට පිරිස් හමුවන ලදි. එහිදි 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුව නිරික්ෂණය සිදු කර ඔවුන් සමඟින් දිවා භෝජන සංග්‍රහයකට සහභාගි විය. එමෙන්ම, පසුදින 614 සහ 643 බලසේනා මුලස්ථාන නිරික්ෂණය කිරීම සහ භට පිරිස් හමු විම සිදු කලහ.
affiliate link trace | Air Jordan