Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2016 16:49:17 Hours

රණවිරුවන්ගේ දායකත්වය අගය කරමින් ඉඩම් සහ නව නිවාස පරිත්‍යාග කරයි

ආරක්ෂක අමාත්‍යාංශයේ ‘රණවිරු අභිමනට සත්විරු උරුමය’ නමින් රණවිරුවන් සඳහා නවතමයෙන් ඉදිකරන ලද නිවාස 780, අර්ධ වශයෙන් ඉදිකරන ලද ඔවුන්ගේ නිවාස සම්පුර්ණ කර ගැනීම සඳහා අරමුදල් සහ ඉඩම් කොටස් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, ආබාධිත රණවිරුවන් සහ සේවයේ නියුතු රණවිරුවන් වෙත නිල වශයෙන් පවරාදීම අද (12) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මෙම උත්සවය සඳහා ප්‍රාථමික කර්මාන්ත ගරු අමාත්‍ය දයා ගමගේ මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සහභාගි වූ අතර, යුද හමුදාවේ විරුවන් 209 ක් සඳහා මෙහිදි ප්‍රතිලාභ හිමි වූහ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ‘රණවිරු අභිමණට සත්විරු උරුමය’ ව්‍යාපෘතිය යටතේ මානුෂිය මෙහෙයුම සඳහා සහභාගි වූ යුද හමුදා සාමාජිකයින් 209ක්, නාවික හමුදා සාමාජිකයින් 95 ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 66 ක් වෙත සම්පුර්ණයෙන් ඉදිකරන ලද නිවාස, අර්ධ වශයෙන් ඉදිකරන ලද ඔවුන්ගේ නිවාස සම්පුර්ණ කර ගැනීම සඳහා අරමුදල් සහ ඉඩම් කොටස් සඳහා හිමිකම මෙහිදි ලබා දෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යටතේ දඹුල්ල සහ උහන ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශ තුල යුද හමුදා සාමාජිකයින් 41 දෙනෙකු වෙත නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් කොටස් ලබාදිම සිදු කරන ලදි. රණවිරුවන් 108 දෙනෙකු සඳහා සම්පුර්ණයෙන් ඉදිකරන ලද නිවාස ද, රණවිරුවන් 60 දෙනෙකු සඳහා අර්ධ වශයෙන් ඉදිකරන ලද ඔවුන්ගේ නිවාස සම්පුර්ණ කර ගැනීම සඳහා එක් නිවසකට රුපියල් 750,000/= ක මුදලක් බැගින් ද පරිත්‍යාග කරන ලදි.

ඒ අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේ දී ප්‍රතිලාභින් 40 දෙනෙකු සඳහා සංකේතාත්මකව නව නිවාස සඳහා යතුරු, අර්ධ වශයෙන් ඉදිකරන ලද ඔවුන්ගේ නිවාස සම්පුර්ණ කර ගැනීම සඳහා අරමුදල් සහ ඉඩම් කොටස් වෙනුවෙන් හිමිකම් පත් බෙදාදීම එහිදි සිදු කරන ලද අතර, ජනාධිපතිතුමා විසින් ඔවුන් හට සිය සුභපැතුම් ද එක් කළහ.

අමාත්‍යවරුන්, ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

buy footwear | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News