Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2016 15:42:32 Hours

යුද හමුදා වාත්තීය පුහුණු මධ්‍යස්ථානය 67 වන යුද හමුදා සංවත්සර දිනය සමරයි

සාලියවැව පිහිටි යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය 67 වන සංවත්සරය හා යුද හමුදා දිනය නිමිත්තෙන් සඳුදා (10) දින සිවිල් සමාජීය අවශ්‍යතා වෙනුවෙන් වැඩසටහන් මාලාවක් දියත් කරන ලදි.

මෙහිදි එක් රණවිරුවෙකු හට නිවසක් ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීම, සාලියවැව පිහිටි වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් සඳහා ඇඳුම් පරිත්‍යාග කිරීම, නොච්චියාගම රජයේ රෝහල් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා ශ්‍රමදානයක් පැවැත්වීම සහ එම රෝහලේ නේවාසිකයින් සඳහා ආහාරපාන ලබාදීම ආදි පුණ්‍ය කටයුතු යුද හමුදා දිනය වෙනුවෙන් සිදු කරන ලදි.

ඔක්තෝබර් 10 දින පැවති යුද හමුදා දින සංවත්සර උත්සවයේ දී යුද හමුදා ධජය එසවීම, යුද හමුදා ගීතය ගායනා කිරීම සිදු කරනු ලැබිය. මෙම අවස්ථාවන් සඳහා යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ.ඩබ්.වි.බි. පින්නවල, අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩි.ආර්.එන් හෙට්ටිආරච්චි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

Sportswear Design | Nike Shoes