Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2016 12:42:16 Hours

සෙන්ගමුව යුද හමුදා කඳවුර වෙත පානීය ජලය සඳහා නව නළ ලිඳක්

සෙන්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් සඳහා පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් වාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකරන අමාත්‍යවරයාගේ මඟපෙන්වීම යටතේ නව නළ ලිඳක් ලබා දී ඇත.

එම ස්ථානයේ පැවති කෙටි උත්සවයේ දී ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස් හි ප්‍රයොජනය සඳහා නව නළ ලිඳ විවෘත කරනු ලැබීය.

එම අවස්ථාව සඳහා ගරු විජිත විජයමුණි සොයිසා මැතිතුමා, 24 වන සේනාංකයෙහි සේනාංකාධිපති, 242 බලසේනාවෙහි බලසේනාධිපති, සියඹලාන්ඩුව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති, ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන්, 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සමගින් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

bridgemedia | Air Jordan