Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2016 12:38:47 Hours

ආශිර්වාද පිංකමක් පවත්වයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් සහ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා විසින් ඔක්තොම්බර් මස 5 සහ 6 යන දිනයන්හි මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙහි විශේෂ ආශිර්වාද පිංකමක් පවත්වනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම් සහ සමස්ථ ශ්‍රී ලංකා වාසීන්ට සෙත් පතා එම ආශිර්වාද පිංකම පවත්වනු ලැබීය.

එහිදී මහා සංඝරත්නය වෙත දානමය පිංකමක් ද පවත්වනු ලැබීය.

එම පිංකම සඳහා යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 50 දෙනෙකු සමගින් යුද හමුදා සාමජිකයින් පනස් දෙදෙනෙකු සහභාගි වූහ.

trace affiliate link | Asics Onitsuka Tiger