Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2016 17:11:44 Hours

ආසේමු වන්නි භටපිරිස් වෙතින් තඹුත්තේගම රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ අනුරාධපුර පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා භට පිරිස් විසින් තඹුත්තේගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.එම්. හසිත අත්තනායකගේ ඉල්ලීමකට අනුව සිකුරාදා (30) දින එම රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදි.

ඇඳන් 10 ක් ඇතුලු එම වෛද්‍ය උපකරණ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහ 2 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් විදුර දිසානායක විසින් වෛද්‍ය හසිත අත්තනායක මහතා වෙත පරිත්‍යාග කිරීම මෙහිදි සිදු කෙරිනි.

මෙහිදි තඹුත්තේගම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහ 2 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් විදුර දිසානායක වෙත මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් සිය කෘතඥතාව ද පල කළහ.

Running Sneakers | FASHION NEWS