Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2016 19:36:23 Hours

යුද හමුදා මැරතන් ධාවකයින් ‘කොළඹ මැරතන්’ තරඟාවලියේ දී දස්කම් දක්වයි

ශ්‍රී ලංකා යුද හමුදා ධාවකයින් සහභාගි වූ 16 වන ලංකා ක්‍රීඩා රිසෙන් (LSR) ‘කොළඹ මැරතන් තරඟාවලිය’ ඉරිදා (02) දින කොළඹ සිට වත්තල දක්වා පැවැත්වුණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ ‘කොළඹ මැරතන් තරඟාවලිය’ සඳහා පසුගිය ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයෙන් තෙවන ස්ථානය ලබා ගත් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කුමාර් සමුගේෂ්වරන් හට මෙහිදි ජයග්‍රහණය හිමිවිය.

එමෙන්ම පැය 2යි විනාඩි 28 තත්පර 48 ගත කරමින් කොළඹ මැරතන් තරඟාවලියේ සිව් වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුමේන්තුවේ විසි පස් හැවිරිදි දිලාන් සදරුවන් සමත් විය.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7500 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 252 කු සහභාගි වූ මෙම තරඟාවලිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ වී වත්තල ප්‍රදේශයෙන් නිමා කරනු ලැබීය.

මෙවර කොළඹ මැරතන් තරඟාවලියේ ආරම්භය සනිටුහන් කරනු ලැබූවේ 1968 වර්ෂයේ මෙක්සිකෝ වුවර පැවති ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගි වූ හිටපු ශ්‍රී ලංකා යුද හමුදා මැරතන් ධාවකයෙකු වන ආර්.ඒ විමලසේන පෙරේරා විසිනි.

එමෙන්ම, කිලෝ මීටර් 10 ඉසව්වේ ජයග්‍රහකයින් හට ත්‍යාග ප්‍රදානය කිරීම 2016 රියෝ ඔලිම්පික්හිදි ලෝකඩ පදක්කමක් දිනාගත් ඉන්දිකා ප්‍රියන්ති හේරත් ක්‍රීඩකයා විසින් සිදු කරන ලදි.

best Running shoes brand | Entrainement Nike