Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2016 15:45:13 Hours

බටහිර ආඥාපති කටුකැලියාව පුහුණු පාසලේ සංචාරයක

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඉරිදා (25) දින කටුකැලියාව බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත වූ අතර, මේ වන විට එහි 6 වන ගැමුණු හේවා භට පිරිස් විසින් පුහුණුවිම් සිදු කරති. එහි පැමිණි ආඥාපතිතුමා වෙත බලඇණි පුහුණු පාසල් පිවිසුම් දොරටුව අභියස දී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිම ද සිදු කෙරිනි. එම සංචාරයේ දී 6 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත පුහුණු පාසලේ පැවැත්වෙන බලඇණි පාඨාමාළාවෙහි වත්මන් තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. තවද එහිදි ආඥාපතිතුමා විසින් පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වී සිටි භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත වූ අතර, ඔවනුගේ පහසුකම් සහ අවශ්‍යතා පිළිබඳව ද අදහස් විමසනු ලැබීය. අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් පසු වැඩසටහන නිමා කරනු ලැබීය. එම පුහුණුලාභීන් සඳහා අවශ්‍ය සියලුම අවශ්‍යතා 58 වන සේනාංකය විසින් සපයා දී ඇත. එම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් පාලන භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් එම්.ඒ.ඒ.ඩී සිරිනාග, වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් තන්තිරිවත්ත සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ. affiliate link trace | Air Jordan 1 Mid - Collection - Sb-roscoff