Header

Sri Lanka Army

Defender of the Nation

28th September 2016 13:17:12 Hours

යුද හමුදාපති යුද හමුදා ක්‍රීඩා කටයුතු ඉහල නැංවීමේ තම දැක්ම ඉදිරිපත් කරයි

යුද හමුදා මලල ක්‍රීඩා සහ ක්‍රීඩා කමිටුවල සාමාජිකයින්ගේ කුසලතා ඇගයීමේ අරමුණින් අඟහරුවාදා (27) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පනාගොඩ පිහිටි යුද හමුදා ශාරීරික අභ්‍යාසාගාරයේ දී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් හමු විය. යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම හමුව සඳහා 2000 කට අධික පිරිසක් සහභාගි වූ අතර, එහිදී යුද හමුදාවේ සියලුම ස්ථාන ආවරණය වන පරිදි විශේෂ ක්‍රීඩා දක්ෂතා ඇති අයවලුන් මෙන්ම මෑතකදී නිමා වූ බ්‍රසීලයේ රියෝ හි පැවති පැරාලිම්පික් -2016 හි දක්ෂතා දැක්වූ යුද හමුදා ක්‍රීඩකයින් ද සහභාගි වූහ. මෙම අවස්ථාවේ දී පැරාලිම්පික් -2016 හි දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් හට යුද හමුදා ඇගයීමේ සහ පිළිගැනීම සංකේතවත් කරමින් මුල්‍යමය ත්‍යාග ලෙස රුපියල් 50,000, 40,000 ක් සහ 25,000 බැගින් ලබා දීම රැස්වසිටි පිරිසගේ අත්පොලසන් මධ්‍යයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මෙන් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති, යුද හමුදා ආබාධිත ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, යුද හමුදා මූල්‍ය කළමණාරණ අධ්‍යක්ෂ ජෙනරාල්, යුද හමුදා ජූඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රේණක උඩවත්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ක්‍රීඩාවේ ඇති වැදගත්කම සහ එය ජීවිතයට බලපාන ආකාරය පිළිබඳව මෙන්ම ඉදිරි දශකයේ දී ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දී මුහුණ දීමට ඇති අභියෝග සම්බන්ධයෙන් වැඩිදුරත් අදහස් ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී යුදහමුදාපතිවරයා පවසා සිටියේ පනාගොඩ යුද හමුදා ජනපදයේ ක්‍රීඩා ගම්මානය මේ වන විට ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතින බැවින් එමගින් ඉදිරියේ දී යුද හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් වන බවත් ඉදිරියේ දී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට එමගින් විශේෂ පුහුණුවීම් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමට හැකියාව ලැබෙන බවත් යුද හමුදාව මගින් තව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට හැකියාව ලැබෙන බවත්ය. මෙහිදී යු හමුදාපතිවරයා යුද හමුදා ක්‍රීඩා බලධාරීන් හට තව දුරටත් උපදෙස් ලබා දෙමින් විශ්‍රාම යනු ලැබූ යුද හමුදා ක්‍රීඩා ප්‍රවීණයන් පිළිබඳව සොයා බලා ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බදවා ගන්නා ලෙසත් එමගින් නැගී එන යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ට මනා පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවත්ය. ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් පී.එම්.ආර් බණ්ඩාර, අධ්‍යක්ෂ ක්‍රීඩා බ්‍රිගේඩියර් ජී.ජේ.ඒ.ඩබ්ලිව් ගලගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක් විය.latest Running | Marki