Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
27th September 2016 14:30:13 Hours
67 වන යුද හමුදා සංවත්සර වැඩසටහන ආගමික වතාවත් සමගින් ආරම්භ වේ
එළඹෙන ශ්‍රී ලංකා යුද හමුදා 67 වන සංවත්සර උත්සව මාලාව සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) වෙනුවෙන් පවත්වන සමාරම්භක ආගමික උත්සවය මහනුවර දළදා මාළිගාවේ හි දී බදාදා (28) දින පැවැත්වෙන ධජයන්ට සෙත්පැතිමේ උත්සවයත් සමඟින් ආරම්භ වේ. ඒ අනුව එහිදි බුද්ධ පූජාවක් පවත්වා බෞද්ධ භික්ෂුන් වහන්සේලා 67 නමක් විෂයෙහි අටපිරිකර සහිත දානමය පිංකම් පැවැත්වෙන අතර, යුද හමුදා සංවත්සරය වෙනුවෙන් යුද හමුදා ධජයන් වෙත පිරිත් සජ්ජායනය කර ආශිර්වාද පැතීම ද මෙහිදි සිදුකෙරේ. යුද හමුදා වර්ණවත් ධජයන්ට සෙත්පැතීමේ සම්ප්‍රදායික උත්සවය සැප්තැම්බර් 30 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වෙන අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් මේ සඳහා සහභාගි වේ. තවද එහිදි යුද හමුදාපති විසින් ජය ශ්‍රී මහා බෝධි සංකීර්ණයේ වැඩිදියුණු කිරීම උදෙසා මුදල් පරිත්‍යාගයක් ද සිදු කිරීමට නියමිතය. මේ අතර, යුද හමුදාවට සෙත් පතා පවත්වනු ලබන ඉස්ලාම් ආගමික ආශිර්වාද උත්සවය කොළඹ 03 පිහිටි ජුමිමා මුස්ලිම් පල්ලියේ දී ඔක්තොම්බර් මස 04 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම යුද හමුදා මුස්ලිම් සංගමය මඟින් සිදු කෙරේ. මෙම යාඥා මෙහෙය සඳහා යුද හමුදාවේ සියලුම මුස්ලිම් නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගිවනු ඇත. ඔක්තෝබර් 05 වන බදාදා දින හින්දු ආගමික ආශිර්වාද සංවත්සරය වෙනුවෙන් ලබාදීමට නියමිත අතර, යුද හමුදා හින්දු ආගමික සංගමය විසින් එම උත්සවය කොළඹ 13 පිහිටි ශ්‍රී පොන්නම්බලම් වානේශ්වර් කෝවිලේ දී යුද හමුදා ධජයන් වෙත සෙත් පැතීම මුල්කොටගෙන ආරම්භ වේ. යුද හමුදා සංවත්සරයට සෙත් පැතීමේ කතෝලික දේව මෙහෙය ඔක්තෝබර් මස 06 වන දින බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී සිදු කරන අතර, එම කටයුතු යුද හමුදා කතෝලික සංගමය විසින් සංවිධානය කර ඇත. කතරගම කිරිවෙහෙර අභියස දී සහ දේවාල පරිශ්‍රයේ දී යුද හමුදා ධජයන් වෙත සෙත්පැතීමේ ආලෝක පූජාවක් ඔක්තෝබර් මස 07 වන දින මහත් ඉහළින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ගිලන්පස සහ මුරුතැන් බත් පූජාව පිළිගැන්විම මෙම උත්සවය අතරතුර දී සිදු කිරීමට නියමිත අතර, කිරිවෙහෙර දාගැබ් පරිශ්‍රයේ දී පොල්තෙල් පහන් 1500 ක් දැල්වීමට නියමිතය. තවද කාවඩි නර්තන සමගින් විශේෂ පෙරහැරක් ද මෙහිදි පැවැත්වෙන අතර, එදින සන්ධ්‍යාවේ දේවාල පරිශ්‍රයේ දී පුජාවක් පවත්වමින් යුද හමුදා ධජයන් වෙත සෙත්පැතීම සිදු කරනු ලබයි. විශේෂ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ඔක්තෝබර් 08 දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ දි පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා යුද හමුදාවේ සාමාජිකයින් 1000 ක් පමණ සහභාගි වීමට නියමිතය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන යුද හමුදාපති විසින් සධාතුක කරඩුව වැඩමවීමෙන් අනතුරුව පිරිත් සජ්ජායනය සඳහා භික්ෂුන් වහන්සේලාහට ආරාධනා කිරීමට නියමිතය. මෙම උත්සව අවසන් කරමින් පසුදින හිල්දානය ද භික්ෂුන් වහන්සේලා 67 නමක් විෂයෙහි දවල් දානය ද පිරිනැමිමට ද කටයුතු සකසා ඇත. 67 වන යුද හමුදා සංවත්සර සැමරුම් උත්සව අවසන් කරමින් ඔක්තෝබර් 10 දින (යුද හමුදා දිනය) පනාගොඩ යුද හමුදා ජනපදයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත කඳවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිමට නියමිතය. එදිනම, යුද හමුදාපති විසින් රණවිරු සෙවනෙහි සංචාරයක නිරත වෙමින් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන්නන්ගේ සුවදුක් විමසීම ද සිදු කරනු ඇත. ඊට පසු දින (ඔක්තෝබර් 11) සියලු නිල රාත්‍රි භෝජන සංග්‍රහයකින් සංවත්සර සැමරුම නිමාවට පත්වේ. මෙම සියලු උත්සව අවස්ථාවන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වන අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවන් සඳහා සහභාගි වේ.
Sportswear Design
|
nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD