Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2016 10:18:03 Hours

මුරලි සහයෝගිතා කුසලාන තරඟාවලිය වාර්තා සමඟින් අවසන් වේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය, ගුණ ජය සතුට පදනම සමග එක්ව සංවිධානය කළ මුරලි සහයෝගිතා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ඉරිදා (25) දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී අවසන් විය. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්විම මත දින 05 පුරා පැවති මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් සහාය දක්වන ලදි. මෙම මුරලි සහයෝගිතා කුසලාන ක්‍රිකට් තරඟාවලිය මඟින් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ එකමුතු බව හොඳ හිත, කණ්ඩායම් හැඟීම වැඩිදියුණු කිරීම මෙන්ම මෙම තරඟාවලිය මඟින් ප්‍රදේශයේ තරුණයන්ගේ ක්‍රීඩා හැකියාවන්, ආත්ම විශ්වාසය ආදිය වැඩිදියුණු වන බව ද සංවිධායකයන්ගේ මතය වේ. පිරිමි කණ්ඩායම් 16 ක් සහ කාන්තා කණ්ඩායම් 08 ක් ඇතුලු කණ්ඩායම් 24 ක් මේ සඳහා සහභාගි වූ අතර, පිරිමි අවසන් මහා තරඟය ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැත්විණි. එහිදි ගාල්ල මහින්ද විද්‍යාලය ජයග්‍රහණය කළ අතර, ඔවුන් වෙත තරඟාවලියේ කුසලානය හිමිවිය. තවද, කාන්තා තරඟාවලියේ දී අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ මාතලේ කාන්තා ක්‍රීඩා සමාජය සහ නිට්ටඹුව කාන්තා ක්‍රීඩා සාමාජය අතුරින් නිට්ටඹුව කාන්තා ක්‍රීඩා සාමාජය ජයග්‍රාහි කුසලානය හිමිකර ගන්නා ලදි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රවීණ මෙන්ම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් සහ මිචෙල් තිසේරා, කුෂිල් ගුණසේකර මහතා, කිලිනොච්චි ඉදිරි නඩත්තු පදෙසෙහි ආඥාපති ධම්මික කාරියවසම්, 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් වීරවර්ධන, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජගත් රත්නායක, කිලිනොච්චි නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න, එරින්මා හොල්ඩින් සහ ට්‍රස්ටි ෆවුන්ඩේෂන් ඔෆ් ගුඩ්නස් ආයතනයේ සභාපති අෂාන් මලලසේකර මහතා, ටෝකියෝ සිමෙන්ති ආයතනයේ සමූහ අලෙවි කළමනාකරු දෂාන්ත උඩවත්ත මහතා, පාසල් ගුරුවරුන්, ගුණ ජය සතුට පදනමේ කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩා ලොලින් රැසක් ද අවසන් තරඟ නැරඹිම සඳහා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටියහ.jordan release date | Sneakers Nike