Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2016 17:21:50 Hours

භකාස අණසක මුලස්ථානයේ නික්ම යන ආඥාපති රාජකාරි භාරදුන් අතර නව ආඥාපති රාජකාරි භාරගනියි

මේජර් ජෙනරාල් එම්.එච්.පි. මිහිඳුකුලසූරිය භකාස අණසක මුලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරි භාරගත් අතර, ඒ වෙනුවෙන් චාම් උත්සවයක් ද පැවැත්විය. එහිදි මෙම මුලස්ථානයේ ආඥාපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරාල් කේ.ඩබ්.එඩිමා විසින් සිය රාජකාරි නව ආඥාපි වෙත භාරදීම ද සිදු කෙරිනි. මෙම අවස්ථාවට සමගාමිව මෙම කඳවුරෙහි පිහිටි මධ්‍යම පතොරම් ගබඩාව පිපිරීම හේතුවෙන් විනාශයට පත්වන ලද ප්‍රධාන කාර්ය්‍යාලීය ගොඩනැගිල්ල, ප්‍ර ශාඛාව, පා ශාඛාව, භකාස ශාඛාව, ගිණුම් අංශය, නිතී අංශය පිහිටා තිබු කාර්යාලීය ගොඩනැගිල්ල ද නැවත ඉදිකර රාජකාරි අරඹන ලදි. එම උත්සවයේ දී නික්මයන ආඥාපති සහ නව ආඥාපති සුභපැතුම් හුවමාරු කර ගත් අතරම භට පිරිස් සමඟ ද සුහද පිළිදඳරක නිරත විය. මෙම අවස්ථාව සඳහා භකාස අණසක යටතේ ඇති රෙජිමේන්තුවල බලකාධිපතිවරුන්, මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, එම මුලස්ථාන බ්‍රිගේඩියර් භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් පි.බි.ඩි. ඩයස් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.latest jordan Sneakers | Mens Flynit Trainers