Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2016 17:09:54 Hours

121 බලසේනා භට පිරිස් ශ්‍රමදානයක් මඟින් පාසල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනා භට පිරිස් විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් මොණරාගල මහා විදුහලෙහි ඉපැරණි ගොඩනැගිල්ල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. අලුත්වැඩියා කරන ලද මෙම ගොඩනැගිල්ල නැවත විවෘත කිරීමේ උත්සවය සඳුදා (19) දින පැවැත් වූ අතර, ඒ සඳහා එම විද්‍යාලයේ ආදි ශිෂයින්, ගුරුවරුන් සහ 121 බලසේනා භට පිරිස් ද සහභාගි වූහ. එසේම මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආදි විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන්, ආදි ශිෂයින් සහ ශිෂ්‍යාවන් ද එක්ව සිටියහ.Adidas footwear | Womens Shoes Footwear & Shoes Online