Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2016 17:02:44 Hours

ජාතික ආධුනික මල්ලවපොර තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය මඟින් සංවිධානය කරන ලද ජාතික ආධුනික මල්ලවපොර තරඟාවලිය 2016, සැප්තැම්බර් මස 16 සිට 18 දක්වා කොළඹ 07 පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවත් වූ අතර, එහිදි ශුරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා මල්ලවපොර ක්‍රීඩකයින් සමත්විය. එහිදි යුද හමුදා කණ්ඩායම වෙත රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් හිමි වූ අතර, ඉංජිනේරු සෙබල එච්.පි.ඩි. පුෂ්පකුමාර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය. මෙහි සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති යූ.එච්. නෙවිල් පද්මසිරි මහතා හා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම් එම්.ඒ.සී.කේ. මල්ලවආරච්චි මහතා සහභාගි වූහ. තවද එම ජයග්‍රාහි කණ්ඩායම බටහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා සමඟින් ජායාරූපයක් සඳහා ද පෙනි සිටියහ.best shoes | NIKE