Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2016 20:30:22 Hours

61 වන සේනාංකයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

61 වන සේනාංක නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය සහ පැසිපන්දු ක්‍රීඩාංගනය බදාදා (21) දින විවෘත කරන ලදි. 61 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයෙන් එය විවෘත කිරීම වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ. මෙම නව ගොඩනැගිලි සංකීර්ණය මඟින් සියලු නිලයින්ගේ පරිපලන කටයුතු කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහා අවස්ථාව හිමි වේ.Authentic Sneakers | NIKE RUNNING SALE