Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2016 20:27:13 Hours

59 වන සේනාංකයට නව මුළුතැන්ගෙයක්

59 වන සේනාංකයේ සේවයේ නියුතු සෙසු නිලයින් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද මුළුතැන්ගෙය පසුගිය සිකුරාදා (16) දින එම සේනාංකයේ සේනාංකාධිපති විසින් සුභ මොහොතින් විවෘත කරන ලදි. දිර්ඝ කාලයක් අඩුපාඩුවක්ව පැවති මෙම මුළුතැන්ගෙය සියලු උපාංග සහිතව 59 වන සේනාංක මූලස්ථානය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ 16 ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් විසින් ඉදි කරන ලදී. 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඩි. වන්නිආරච්චි, එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන, කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන ඇතුලු අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Adidas shoes | nike air jordan lebron 11 blue eyes black people