Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
22nd September 2016 18:44:00 Hours
පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභීයාට අග්‍රාමාත්‍යතුමාගෙන් උපහාර සහ ත්‍යාග
පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී (හෙල්ල විසිකිරීම) 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ එම ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට උපහාර දැක්වීම සඳහා වූ විශේෂ උත්සවයක්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඇමතිවරුන්, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති මෙන්ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් බදාදා (21) දින පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්විණි. යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පී.එම්.ආර්. බණ්ඩාර, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ඒ.ඩබ්.එම්.ඒ.ඩබ්.එන්. රණවන, ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජි.ජේ.ඒ.ඩබ්. ගලගමගේ ඇතුලු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, ගජබා රෙජිමේන්තුවේ හිටපු සහෝදර සෙබලුන්, අනෙකුත් සුභපතන්නන් මෙන්ම ඥාතීන් විසින් ගජබා රෙජිමේන්තු තුර්යවාදක කණ්ඩායමේ වාදන මධ්‍යයේ බදාදා (21) දින පස්වරුවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල වෙත පැමිණි පදක්කම්ලාභී කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙත මල් මලා පළඳවමින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව ඔහු සහ පැරාලිමිපික් තරඟාවලිය සඳහා සහභාගිවූවන් රිය පෙරහැරකින් විශේෂ උපහාර උත්සවය සඳහා කිංස්බරි හෝටලය වෙත කැඳවාගෙන ආ අතර, මේ සඳහා ඩයලොග් ආසියාටා ආයතන සහ පැරාලිම්පික් ක්‍රීඩා කමිටුව අනුග්‍රහය දැක්විය. විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් රියෝ හි දි පැවති පැරාලිම්පික් 2016 එෆ් 46 හෙල්ල විසිකිරීම ඉසව්වෙන් මීටර් 58.23 ක දුරක් වාර්තා කරමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ අතර, මොහු ඔලිම්පික් සහ පැරාලිම්පික් තරඟාවලියක දී මව්බිම වෙත පදක්කමක් රැගෙන ආ 4 වන ක්‍රීඩකයා වේ. කිංස්බරි හෝටලයේ පැවති මෙම විශේෂ උපහාර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා සහභාගි වූ අතර, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය එච්.එම්.එන්. හාරිස් මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩි.එම්.ආර්.බි. දිසානායක මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ සභාපති යූ.ආර්. රොද්‍රිගු මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ බිරිඳ, දුදරුවන් සහ ඥාතීන් මෙන්ම අනුග්‍රහක නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔහුගේ මෙම ජයග්‍රහණය අගය කරමින් රුපියල් මිලියන 1.5 ක ප්‍රේෂණ පතක් පිරිනැමු අතර, ඔහුගේ පුහුණුකරු වූ රෝහිත ප්‍රනාන්දු මහතා හට රුපියල් 250,000 ක ප්‍රේෂණ පතක් ද පිළිගැන්වීය. ඩයලොග් ආසියාටා ආයතයේ ප්‍රධාන වෙළඳ නිලධාරී අමාලි නානායක්කාර මිය මීට අමතරව මුදලින් රුපියල් මිලියන 1.5 ක් ද, ඔහුගේ පුහුණුකරු හට රුපියල් 250,000 ක් ද ලබාදෙන ලදි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන මෙම පදක්කම්ලාභියා ප්‍රකාශ කර ඇත්තේ ඔහු තම ක්‍රීඩා කටයුතු අතහැරදමා සිටිය දී යුද හමුදා නිලධාරීන් ඒ සඳහා ඔහුව යොමුකළ බවයි. “ පසුගිය මාස 6 ක කාලසීමාව තුල මා ඉතා කැපවීමෙන් පුහුණුවිම් කටයුතු සිදු කළා, එම කාලය තුල මාගේ පවුලේ සාමාජිකයන් ද මුණගැසුණේ දින 04 ක දී පමණයි. යුද බිමේ දී තුවාල ලැබිමෙන් අනතුරුව පුහුණුවිම් සඳහා මා දිරීමත් කර යොමු කිරිම සිදු කළේ යුද හමුදා නිලධාරීන්” යැයි හෙතෙම එහිදි පවසා ඇත. තවද, මෙම උපහාර උළලේ දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, යුද හමුදා සෙබලුන් හට ලබාදෙන ඉහළ පුහුණුව හේතුවෙන් මෙම දැවැන්ත ජයග්‍රහණය හිමිකර ගැනීම සඳහා යුද හමුදා සොල්දාදුවෙකුගේ ස්වයං විශ්වාසය සහ කැපවිම හේතුවී ඇති බව ද 2020 ටොකියෝ නුවර පැවැත්වෙන තරඟාවලිය සඳහා රජය ඔහුට අවශ්‍ය සියලු සහයෝගයන් ලබාදෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. රියෝහි පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නවදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම සඳහා අනුග්‍රහය ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතන ලබාදෙනු ලැබීය.
bridge media
|
jordan Release Dates