Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2016 13:04:05 Hours

කිලිනොච්චි ආඥාපති 66 වන සේනාංකයේ සංචාරයක

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පසුගිය අඟහරුවාදා (20) දින 66 වන සේනාංකයේ සහ අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත විය. එහිදි, නවතමයෙන් ඉදිකළ 66 වන සේනාංක නිලධාරී නිවස්නය විවෘත කිරීම සහ මෙම සංචාරය සිහිවනු වස් පැළයක් රෝපනය කිරීම කිලිනොච්චි ආඥාපතිතුමා විසින් සිදු කෙරිනි. තවද මෙම සංචාරයේ දී ආඥාපතිතුමා විසින් අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ සංචාරය කළ අතර එහි භට පිරිස් ඇමතීම ද සිදුකළහ. මෙහිදි ආඥාපතිතුමා විසින් 5 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් ඉදිරිපත් ලද නිදර්ශන නීති විරෝධි රැස්විම් විසුරවා හැරීමේ අභ්‍යාසය ද නිරික්ෂණය කරන ලදි. 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩි.සි. කැප්පෙටිවලාන, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර්.එම්.පි.ජේ. රත්නායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Running sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ