Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2016 20:07:11 Hours

යුද හමුදාවේ මඟපෙන්වීමෙන් අඩුආදායම්ලාභී පවුල්වෙත මීමැසි පෙට්ටි

මුලන්කාවිල් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවිමේ අරමුණින් 661 වන බලසේනාවේ භට පිරිස් විසින් පසුගිය සඳුදා (19) දින ඔවුන් හට නව ස්වයං රැකියාවක් ලෙස මීමැසි පාලනය සිදු කිරීම හඳුන්වාදුන් අතර, එම සත්කාරය වෙනුවෙන් කොළඹ ෆිලික්ස් මල්ලවාරච්චි පියතුමා විසින් යුද හමුදාව වෙත සිය ස්තුතිය ද පුද කළහ. මෙම ව්‍යාපෘතිය යටතේ පුනරින් ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් 15 වෙත මීමැසි පෙට්ටි බෙදාදීම කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ 66 වන සේනාංක මුලස්ථාන සංචාරය නිමිත්තෙන් සිදු කරන ලදි. මෙම මීමැසි පෙට්ටි නිර්මාණය කිරීම සඳහා ෆිලික්ස් මල්ලවාරච්චි පියතුමා විසින් අනුග්‍රහය දැරූ අතර, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උරදුන් 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කිත්සිරි ඒකනායකගේ සම්බන්ධීකරණයෙන් ඒවා බෙදාදීම සිදු කෙරිනි.trace affiliate link | adidas Yeezy Boost 700 , Ietp