Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2016 20:02:34 Hours

නික්මයන මුලතිව් ආඥාපති 59 වන සේනාංක භට පිරිස් හමුවේ

නික්ම යන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ පසුගිය දා 59 වන සේනාංකයේ සංචාරයක නිරත විය. එහි පැමිණි ආඥාපතිතුමන්ව 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඩි. වන්නිආරච්චි විසින් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි. එහිදි ආඥාපතිතුමා විසින් එම සේනාංකයේ නවතමයෙන් ඉදිකරන ලද සේනාංකාධිපති කාර්යාලය, සංඥා මැදිරිය, ක්‍රියාන්විත මැදිරිය, සෙසු නිල භට නිවාස සංකීර්ණය, සෙසු නිල මුළුතැන්ගෙය, ගෘහස්ථ ක්‍රීඩාංගනය සහ ක්‍රීඩා භූමිය ද නිරික්ෂණය කිරිම සිදු කෙරිනි. එමෙන්ම, බ්‍රිගේඩියර් එන්.ඩි. වන්නිආරච්චි විසින් නික්ම යන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ වෙත සමරු තිළිණයක් පිරිනැමිම ද මෙහිදි සිදු කරන ලදි. බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.best Running shoes brand | Sneaker & Lifestyle News