Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2016 17:44:01 Hours

බහු ජාතීන් නියෝජනයෙන් ‘දියකාවා යුද අභ්‍යාසය VII ’ අරිසිමලේ දී අවසන් වේ

යුද හමුදාවේ මූලිකත්වයෙන් පවත්වනු ලබන නිදර්ශණ අභ්‍යාසයක් වන ‘දියකාවා යුද අභ්‍යාසය VII – 2016’ නිදර්ශක සතුරු කදවුරු වෙත බහු විධ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව අගහරුවාදා (20) උදෑසන අරිසිමලේ, යාන්ඔය, තිරියාය ප්‍රදේශයන්හි දී සාර්ථකව නිමාවට පත් විය. මෙම අභ්‍යසය සදහා පාබල සෙබලුන් 2500 ක්, නාවික සෙබලුන් 638 හා ගුවන් සෙබලුන් 506 දෙනෙක් ද සහභාගි වූහ. මේ සදහා බහුතර පිරිසක් යුද හමුදා කමාන්ඩෝ සහ විශේෂ බලකා භට පිරිස් වේ. බංගලාදේශය, චීනය, ඉන්දියාව, සුඩානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ එක්සත් ජනපදය යන රටවල් නියෝජනය කරමින් විදේශීය හමුදා නියෝජිතයින් 58 දෙනෙක් සහභාගිවන්නන් හෝ නිරීක්ෂකයින් ලෙස සහභාගි වූහ. හත්වන වරටත් පවත්වනු ලැබූ මෙම අභ්‍යාසයේ සමාප්තිය සනිටුහන් කරන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි සහභාගි වූ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ ද විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වූහ. මෙම වර්ෂයේ පවත්වනු ලැබූ දියකාවා යුද අභ්‍යාසය VII - 2016’ මගින් නූතන තාක්ෂණයට ගැලපෙන පරිදි නව මෙහෙයුම් අංග හදුන්වාදීම සිදු වූ අතර, එක්සත් ජාතීන්ගේ නියමිත ක්‍රියාන්විත පටිපාටියට අනුකූලව සිදු කෙරිණි. තවද මෙම අභ්‍යාස මෙහෙයුම් සඳහා වෙබ්ගිස් මෘදුකාංග යොදා ගැනීම ද මෙන්ම වැඩි දියුණුකරන ලද ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම සිදු විය. තවද වෙන් වෙන් ඒකාබද්ධ නාවික මෙහෙයුම්, ඒකාබද්ධ රාත්‍රී මෙහෙයුම් සිදු කළ අතර, මෙම ක්‍රියාන්විත විශේෂ බලකාය සහ කමාන්ඩෝ භටයින් එක්ව සිදු කළ අතර, පැරෂුට් මෙහෙයුම් ද ඉදිරිපත් කරනු ලැබීය. ‘දියකාවා යුද අභ්‍යාසය අදියර VII - 2016’ හි සැලසුම් හා ක්‍රියාත්මක කිරීම, අභ්‍යාස අධ්‍යක්ෂවරුන් මණ්ඩලයක් හා යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුද හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලැබීය. ‘යුද අභ්‍යාසයේ’ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, විශේෂ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක සමගින් දියකාවා ‘යුද අභ්‍යාසයේ’ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් වන බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා, බ්‍රිගේඩියර් ප්‍රදීප් සිල්වා, බ්‍රිගේඩියර් ප්‍රියන්ත පෙරේරා, අතිරේක නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් නිශාන්ත හේරත්, ඒකාබද්ධ නාවික මෙහෙයුම් අණදෙන නිලධාරි කපිතාන් එච්.ආර්.එෆ්.එම්. තිසේරා, ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් අණදෙන නිලධාරි ගුවන් කෝමදොරු පි.ඩි.කේ.ටි. ජයසිංහ, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.පී. රණසිංහ, විශ්‍රාමික බ්‍රිගේඩියර් එම් විජේරත්න ද මෙම අවස්ථාවට එක් වූහ. ‘දියකාවා යුද අභ්‍යාසය VII – 2016’ හි පළමු අදියර සැප්තැම්බර් 4 වන දින කෝකිලායි හි දී උත්සවාකාරයෙන් ආරම්භ වූ අතර, එහි අවසන් අදියර අරිසිමලෙයි, යාන්ඔය ප්‍රදේශයේ දී සිදු කෙරිනි. සියලුම පුහුණු කටයුතු, පාමුර සංචාර කදවුරු තුළට රිංගීම සහ පිටවීම, පිරික්සුම් සහ ආවේශණය, යුද පිරික්සීම, සම්බන්ධවීම, අල්ලාගැනීම, ඉදිකිරීම් හා කඩා බිද දැමීම්, වැටලීම්, සැගව සිට පහර දීම, වටලා පහරදීම්, ගලවාගැනීමේ මෙහෙයුම්, නාගරික සටන් සහ ආපදා කළමණාකරණ මෙහෙයුම් ආවරණය වන පරිදි සිදු කරනු ලැබීය. මෙම අභ්‍යාසයේ අවසන් අදියරේ දී යුද හමුදා භට පිරිස් සතුරු බලකොටු වෙත ප්‍රහාර එල්ල කීරීම සිදු කෙරිනි. මෙහිදී යුද හමුදාව නිදර්ශණ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමගින් එක්ව සංවිධානය කරනු ලැබූ අතර, මෙහිදී ඒකාබද්ධ මෙහෙයුම් කුමන මොහොතක හෝ සිදු කිරීමට ඔවුන් සූදානම් කිරීම මෙහි අරමුණයි. කමාන්ඩෝ සහ විශේෂ බලකා භට පිරිස්වල මූලික්තවයෙන් යුතුව තිරියායේ දී ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය දියත් කළ අතර, සතුරු ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට එම්අයි 24 හෙලිකොප්ටර් යානා, මිග් ප්‍රහාරක යානා සහ නාවික ප්‍රහාරක යාත්‍රා යොදා ගැනේ ආසන්න වශයෙන් සති තුනක් පුරා පැවති ‘දියකාවා යුද අභ්‍යාසය VII - 2016’ මෙහෙයුමේ දී නැගෙනහිර ප්‍රදේශයේ කෝකිලායි දකුණ සහ පානම උතුර ද වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කුඩා ප්‍රදේශයක් ද ආවරණය වන පරිදි නාවික සහ ගුවන් නිදර්ශක අභ්‍යාස, විශේෂ යුද සූදානම් අභ්‍යාස මෙන්ම සතුරු බලකොටු වෙත ප්‍රහාර එල්ල කිරීම්, ඒකාබද්ධ අභ්‍යාස නියමිත කාල වකවානුව තුල දී සිදු කරනු ලැබීය. මීට අමතරව සියලුම සහභාගිවන්නන් හට ගලවාගැනීමේ මෙහෙයුම්, ඒකාබද්ධ මෙහෙයුම්, ආරක්ෂිත නිවාස වැටලීම් , දිය යට සිදු කරනු ලබන මෙහෙයුම්, නිදර්ශන වටලා පහරදීම්, සැලසුම්, සුදානම් වීම, ගොඩනැගීම්, සම්බන්ධීකරණය, අණ පාලනය, උපක්‍රම, තාක්ෂණික ක්‍රම සහ පටිපාටින්, නියමිත කාලය තුල දී ක්‍රියාන්විත සිදු කිරීම් ගුවන් සහ නාවික ගලවා ගැනීම් මෙහෙයුම්, ප්‍රහාරදීම් සහ බුද්ධි තොරතුරු රැස්කිරීම් පිළිබද මෙම අභ්‍යාස මගින් පුළුල් ප්‍රායෝගික දැනුමක් ලබාදෙන ලදි. බංගලාදේශය, චීනය, ඉන්දියාව, සුඩානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ එක්සත් ජනපද ආරක්ෂක උපදේශකයින් ද මෙම අවසාන අදියර සදහා සහභාගි වූ අතර, මෙම අභ්‍යාසයේ දී ඒකාබද්ධ විශේෂ බලකා භට පිරිස් ඔවුන්ගේ දක්ෂතා විදහාපාමින් නිදර්ශන සතුරු කදවුරක් වෙත බිහිසුණු ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරයා, නියෝජ්‍ය පොලිස්පති, ගුවන් සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවසන් අවස්ථාව සදහා සහභාගි විය. මෙහිදි සහභාගි වූ ආරක්ෂක උපදේශකයින් හට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මෙවැනි පුහුණු සැසියක වැදගත්කම පිළිබදව පැහැදිලි කළ අතර, කමාන්ඩෝ සහ විශේෂ බලකා භට පිරිස් ඕනෑම රටකට අභිමානයක් හා ගෞරවයක් බව ද ප්‍රකාශ කරන ලදි. මෙම අභ්‍යාසය නිර්මාණ කිරීමේ අරමුණ වන්නේ විශේෂ ක්‍රියාන්විත හැකියාවන් වර්ධනය කිරීමත්, සියලුම තරාතිරම්වල යුද සුදානම පවත්වාගැනීමටත් වන අතර, මෙය විදෙස් ආරක්ෂක ආයතනයන්හි ඉතා ජනප්‍රිය මෙන්ම පිළිගත් අභ්‍යාසයකි. මෙම අභ්‍යාසය යුද හමුදාවේ විශාලතම අංගයක් වන අතර, විශේෂ ප්‍රහාරක බලකායන් මෙම අභ්‍යාසය අතරතුර සටන්බිමේ දී මුහුණදීමට සිදුවන අභියෝගයන් ජයගැනීම සහ මුහුණදීමට සුදානම්ව සිටියි. එමෙන්ම විශේෂිත තනි තනිව මෙන්ම කුඩා කණ්ඩායම් වශයෙන් ද යුද හැකියාවන් ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙම දියකාවා අභ්‍යාසය රට තුළ පවත්වනු ලබන විශාලතම ක්ෂේත්‍ර අභ්‍යාසය වන අතර, මෙමගින් විශේෂ හමුදාවන්හි උසස් ශාරීරික හැකියාවන් මෙන්ම විශේෂ ක්‍රියාන්විත උපායන්, ශිල්පීය ක්‍රම, ක්‍රියාපිළිවෙත් සහ හැකියාවන් වර්ධනය කරනු ලබයි. තවද රටෙහි ආරක්ෂාව සදහා බලපෑමක් ඇති වූ විට මෙහිදි ලබාගත් දැනුම උපයෝගි කරගනු ලබයි. සදුදා (19) දින සන්ධ්‍යාවේ දී මින්නේරිය පිහිටි අභ්‍යාස මුලස්ථානයේ දී විශේෂ සම්මන්ත්‍රණයක් පැවති අතර, එහිදි අභ්‍යාසය සම්බන්ධයෙන් සාකච්ජාවක් සිදු කරනු ලැබිය. මේ සදහා ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න, යුද හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්, විශේෂ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, කමාන්ඩෝ රෙජිමේන්තු කර්නල් සේනාවිධායක සහ දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.පි. රණසිංහ මෙන්ම අනෙකුත් නියෝජ්‍ය සහ අතිරේක අභ්‍යාස අධ්‍යක්ෂවරුන් ද සහභාගි විය. තවද, විශේෂ සහතිකපත් ප්‍රදානයක් සෙනසුරාදා (24) දින පැවැත්විමට නියමිතය.Buy Kicks | Nike for Men