Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2016 02:06:59 Hours

යුද හමුදාවේ නව කෞතුකාගාරයෙන් ත්‍රිකුණාමලය අලංකාර වේ

දිවයිනේ ඉතාමත් ජනප්‍රිය සංචාරක පුරවරයක් මෙන්ම නාවික යුද ඉතිහාසයක් සහිත ත්‍රිකුණාමලයට සදුදා (19) දින යුද හමුදාව විසින් ඔරස් හිල් යුද හමුදා කෞතුකාගාරය දායාද කල අතර, 22 සේනාංක මුලස්ථානයේ පැවති උත්සවයකදි එය විවෘත කිරිම සිදුකරන ලදි. නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වු 22 වන සේනාංක මුලස්ථානයේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධීත අමුත්තා ලෙස සහභාගි වු යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා ටිකට් පතක් මිලදි ගැනිමෙන් අනතුරුව කෞතුකාගාරය විවෘත කල අතර, 22 වන සේනාකාධීපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ද මෙම අවස්ථාව සදහා එක්විය. එලිමහන් කෞතුකාගාරයක් මෙන්ම විශාලතම විස්මිත නිර්මාණයක් වු මෙය ඉතා ජනප්‍රිය ඔරස් හිල් හි පිහිටා ඇත. මෙම ස්ථානයට හිරු බැසයන වේලාවේදි දැකුම්කලු ත්‍රිකුණාමල වරාය ඉතාමත් සුන්දර දර්ශණයක් ගෙනෙන අතර, නිල් මුහුදෙන් වටවු ඉතා දුර්ලභ ස්වාභාවික දර්ශණයක් මවා පායි. විශේෂිත වු වෙන්කල ප්‍රදර්ශණ ප්‍රදේශවල පාබල අවි, සන්නාහ සන්නද්ධ රථ, කාලතුවක්කු ප්‍රදර්ශණය කර ඇති අතර, සම්පත් දායකයෙකු සහිත ශ්‍රව්‍ය දෘෂ්‍ය කුටිය මගින් සංචාරකයින් හට ප්‍රදර්ශණ භාණ්ඩ පිළිබදව දැනුමක් ලබාදෙයි. මෙහි පිහිටා ඇති සමහර කෞතුක භාණ්ඩ යටත් විජිත සමයට අයත් වන අතර එමෙන්ම 2009 දි නිමාවට පත් වු මානුෂිය මෙහෙයුමේදි ත්‍රස්ථවාදින් හට විරුද්ධව යොදා ගත් අවි ආයුධ ද ප්‍රදර්ශණය කර ඇත. ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ටිකට් පත මිලදි ගැනිමෙන් පසු ඔරස් හිල් කෞතුකාගාරය තුලට පිවිසි අතර එහි ඇති ප්‍රදර්ශන භාණ්ඩ පිළිබදව විමසා සිටි අතර, භඨ පිරිස් සමග පිළිසදරක යෙදි මෙම නිර්මාණය කිරිම සම්බන්ධව සිය ස්තුතිය පිළිගන්වන ලදි. එමෙන්ම යුද හමුදාපතිවරයා විසින් කෞතුකාගාරය නිර්මාණය කල අයවලුන් අගය කරමින් ත්‍යාග ප්‍රදානය සිදුකරන ලදි. මේ අතර යුද හමුදාපතිවරයා කෞතුකාගාර සංකිර්ණයට ඇතුල්විමට ප්‍රථම උත්සවශ්‍රීයෙන් සමරු ඵලකය නිරාවරණය කිරිම සිදුකල අතර, මෙමගින් ලැබෙන අරමුදල් මිය ගිය රණවිරු පවුල්, රණක්ෂිතයට පත්වුවන්, 22 සේනාකයේ සේවයේ නියුතු සහ අනෙතුක් හමුදා සමාජිකයන්ගේ සුභ සාධන කටයුතු සදහා යෙදවිමට නියමිත අතර යම් ප්‍රමාණයක් කෞතුකාගාරයේ නඩත්තුව සදහා යොදාගැනිමට ද නියමිතය. මෙම ව්‍යාපෘතිය අවන්හලකින් යුක්ත වන අතර අගහරුවාදා (20) දින සිට මහජනතාව සදහා විවෘත ව පවති. කිර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වු කුමුදු මුණසිංහ මහතා විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වි මෙම නිර්මාණය සිදුකල අතර, මේ සදහා 22 වන සේනාකාධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ ආශිර්වාදය නොමදව හිමි විය. මෙම කෞතුකාගාරය ත්‍රිකුණාමල නගරය ආසන්නයේ පිහිටා ඇති අතර මෙම අවස්ථාව සදහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඑම්යු විජේරත්න ද සහභාගි විය. Sneakers Store | UK Trainer News & Releases