Header

Sri Lanka Army

Defender of the Nation

15th September 2016 20:42:37 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පුහුණු වැඩසටහනක්

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් හි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුතුව බදාදා පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය. මේ සදහා සේනාංක,ඉදිරිනඩත්තු පෙදෙස ,බලසේනා සහ ඒකකයන් හි රාජකාරී කරනු ලබන භට පිරිස් සහභාගි වූහ. කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එච්.ජී.පී.එම් කාරියවසම් මෙම පුහුණූ වැඩසටහනේ ප්‍රධාන නිරීක්ෂක ලෙස සහභාගි විය. මෙහිදී 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතාන් ඩබ්ලිව්.පී ආර්.එල් රණසිංහ විසින් ‘මහත්මා ගාන්ධි’ පිළිබදව දේශණය සිදු කළ අතර, 1 වන පාබල හමුදාවේ කපිතාන් අල්විස් විසින් ‘එච්අයිවී - ඒඩ්ස්’ පිළිබද දේශණය සිදු කරනු ලැබීය. එමෙන්ම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සරඹ උපදේශක සැරයන් බී.එස් දිසානායක සෙසු නිලයින් සදහා ‘නයකත්වය’ පිළිබදව දේශණයක් සිදු කරනු ලැබීය. Adidas shoes | NIKE RUNNING SALE