Header

Sri Lanka Army

Defender of the Nation

14th September 2016 12:42:27 Hours

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන තවත් ඉංග්‍රීසි පාඨමාලාවක් නිමා වේ

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ අධීක්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ තවත් ඉංග්‍රීසි පාඨමාලාවක් සිකුරාදා (9) දින නිමා විය. නිලධාරීන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මසක් පුරා පැවති එම පාඨමාළාව සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීන් 22 දෙනෙකු සහභාගි වූ අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් බී.එම්.සී ජයසිංහ විසින් ‘ඉංග්‍රීසි භාෂාව ජීවිතට ඇති වැදගත්කම’ පිළිබඳව කතාවක් සිදු කරනු ලැබීය. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම පාඨමාළාව සාර්ථකව නිම කරනු ලැබූ නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රධානය කිරීමේ අනතුරුව වැඩසටහන නිමා කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ නිලධාරීන් රැසක් සහභාගි වූහ.Sports brands | Women's Nike Superrep