Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2016 13:08:18 Hours

‘ජීවත්වීමේ කලාව’ පිළිබඳ වැඩමුළුව ආසේමු බටහිරට

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජීවත්වීමේ කලාව පිළිබඳ පදනම සමග සහයෝගයෙන් සැප්තැම්බර් මස 01 සිට 05 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් වෙනුවෙන් ‘ජීවත්වීමේ කලාව’ පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදි. දින පහක් පුරා පැවති මෙම වැඩමුළුව යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම මත යුද හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබීය. එම වැඩමුළුව මෙහෙයවිම ඉන්දියාවෙන් පැමිණි උපදේශකවරයෙකු වන ක්‍රිෂ්නන් ගෝපාල් මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි ජීවිත්වීමේ කලාව පිළිබඳ පදනමේ ලංකා ජයසේකර මහතා විසින් සිදුකෙරිනි. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි රාජකාරී නියුතු නිලධාරීන් හත් දෙනකු සහ සෙසු නිලයින් 24 දෙනෙකු මේ සඳහා සහභාගි වූ අතර, ඔවුනට ‍මෙහිදී යෝග ඉරියව් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රම පිළිබඳව මූලික දැනුම ලබා ගැනීමට ද අවස්ථාව හිමිවිය.affiliate link trace | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today