Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2016 19:36:16 Hours

58 වන සේනාංකයෙහි නව සේනාංකාධිපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි

58 වන සේනාංකයෙහි නවවන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.එම්.ඒ.ඩබිලිව්.එන් රණවන අගෝස්තු මස 30 වන දින නව ධුරයෙහි රාජකාරී අරඹනු ලැබීය. ගාල්ල බූස්ස 58 වන සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකින් අනතුරුව සිය නව සේනාංකාධිපතිවරයා සිය ධුරයෙහි රාජකාරී ඇරඹීය. එහිදී 58 වන සේනාංක පරිශ්‍රයේ දී භට පිරිස් විසින් නව සේනාංකාධිපතිතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙන් වෙන් වශයෙන් ඇමතූ සේනාංකාධිපතිවරයා එම මූලස්ථාන කාර්යාලයේ දී විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තබනු ලැබිය. පැවති තේ පැන් සංග්‍රයකින් අනතුරුව දිනයේ වැඩසටහන් නිමා විය. trace affiliate link | NIKE