Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2016 13:05:05 Hours

ආසේමු මුලතිව් 07 වන පරිගණක පාඨමාලාවේ සහතිකපත් බෙදාදීම

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලැබූ යුද හමුදා භට පිරිස් හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ පරිගණක පාඨමාලා අංක 07 සඳුදා (05) දින අවසන් විය. යුද හමුදා මූලස්ථානයේ මගපෙන්වීම යටතේ නුගේගොඩ Orient Academy Limited ආයතනයේ දායකත්වයෙන් අගෝස්තු මස 11 වන දින ආරම්භ කර දින 15 පුරා පැවති හම පරිගණක පාඨමාලා සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙසු නිලයින් 20 දෙනෙකු සහභාගි වූහ. මෙම පාඨමාලාව සාර්ථකව නිමකළ භට පිරිස් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බි.පි.එස්. ද සිල්වා විසින් සිදු කළ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බලලත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.url clone | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ