Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2016 21:43:56 Hours

ශ්‍රී ලංකා භට පිරිස් ලෙබනන් හි පරිසර වැඩසටහනක

ලෙබනන්හි ස්ථානගත එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවෙහි සේවයේ නියුතු ශ්‍රී ලංකා සාම සාධක බලඇණියෙහි නිලධාරීන් සිව් දෙනෙකු සහ සෙසු නිලයින් තිස් පස් දෙනෙකු නාකෝරා - ලෙබනන් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මූලස්ථාන සමීපයේ වෙරළ පිරිසිදු කිරීමේ ප්‍රජා වැඩසටහනක නිරත වී ඇත. එම ප්‍රදේශයේ සංචාරයේ නියුතු ජනතාව විසින් වෙරළ තීරයේ අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ පරිසරය දූෂනයට ලක් වී ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා සාම සාධක භට පිරිස් විසින් එම වෙරළෙහි කිලෝ මීටර් 1 ක ප්‍රමාණයක පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කර ඇත. මේ සඳහා නාකෝරා මහ නගර සභාව, නාකෝරා ප්‍රදේශ ප්‍රධානී සහ ප්‍රදේශයේ ජනතාව සහයෝගය දක්වනු ලැබීය. Mysneakers | Air Jordan Release Dates 2021 Updated , Gov