Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2016 13:36:48 Hours

ජීවත්වීමේ කලාව පිළිබඳ වැඩමුළුව නැගෙනහිරට

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම මූලස්ථාන භට පිරිස් සඳහා ජීවත්වීමේ කළාව පිළිබඳව තවත් වැඩමුළුවක් අගොස්තු 21 සිට 25 දක්වා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනම විසින් පවත්වනු ලැබීය. දින පහක් පුරා පැවති මෙම වැඩමුළුව යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම මත යුද හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මන්ඩලය විසින් සංවිධානය කරනු ලැබීය. එම වැඩමුළුව සඳහා ඉන්දියාවෙන් පැමිණි උපදේශකවරයෙකු වන රාජ්ගෝපාල් ක්‍රිෂ්නන් මහතා සහ ශ්‍රී ලංකාවේ ජීවිත්වීමේ කලාව පිළිබඳ පදනමේ ලංකා ජයසේකර මහතා සහභාගි විය. එම වැඩමුළුව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි රාජකාරී නියුතු නිලධාරීන් හත් දෙනකු සහ සෙස නිලයින් 24 දෙනෙකු සහභාගි වූ අතර, ඔවුන් හට ‍මෙහිදී යෝග ඉරියව් ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රම පිළිබඳව මූලික දැනුම ලබා ගැනීම සඳහා අවස්ථාව හිමිවිය.Running sport media | Air Jordan Release Dates Calendar