Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
01st September 2016 18:52:54 Hours
‘මෘදු බලය’ අන්තර් ජාතික ආරක්ෂක ගැටළු මතුවීම වැළැක්වීම සඳහා වැදගත්වේ - ආරක්ෂක ලේකම්
කොළඹ ආරක්ෂක සමුළුව - 2016 හි ප්‍රධාන දේශණය පැවැත්වූ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටආරච්චි මහතා විසින් ‘මෘදු බලය’ මගින් අන්තර් ජාතික ආරක්ෂක ගැටළු මතුවීම සහ පැතිරීම වැළැක්වීම මෙන්ම ඒ සඳහා ‘දෘඩ බලයෙහි’ සාපේක්ෂතාවය පැහැදිලි කරනු ලැබීය. ඔහුගේ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ ජාතීන් 70 ක පමණ බොහෝ සම්භාවනීය විද්වතුන් රැසක් සහභාගිවන කොළඹ ආරක්ෂක සමුළුව -2016 හි ප්‍රධාන කථිකයා ලෙස ඉදිරිපත්වීම මා හට මහත් සතුටක් වන අතර, මෙම සමුළුව මනා අයුරින් සංවිධානය කිරීම පිළිබඳව යුද හමුදාපතිතුමා වෙත මාගේ සුභ පැතුම් පිරිනමනවා. මම ප්‍රාර්ථනා කරනවා මෙම සාකච්ඡාව සාර්ථක වන ලෙසත් මෙන්ම එම සමුළුව සඳහා සහභාගි වූ නියෝජිතයින් 4110 දෙනා හට ඉතා වටිනා අවස්ථාවක් වන බව මා විශවාස කරනවා. ජෝසප් නියෝ නැමැත්තා ප්‍රකාශකර තිබෙනවා මෘදු සහ දෘඩ බලය ඒකාබද්ධ කරමින් තොරතුරු තාක්ෂණ යුගයෙහි යුද හමුදාව සාර්ථකත්වය කරා ගෙන යා යුතුය යන්න. පසුකාලීනව වෙස්ටර්පොලියන් යුගයෙහි දෘඩ බලය ප්‍රතිවිරුද්ධව නැගී සිට වර්ථමාන ආරාබිය මෘදු බලය භාවිතා කරමින් සංවර්ධිත ජාතියක් ලෙස නැගී සිට ඇත. මෘදු බලය රාජ්‍ය හැකියාවක් බවට පත් වි ඇති අතර, එය අන් අයට දෛර්ය දෙන අතර, හමුදා සහ ආර්ථික ශක්තිය ද මෙමගින් වර්ධනය වේ. 6 වන කොළඹ ආරක්ෂක සමුළුවේ දී නව තොරතුරු යුගයක උදාවේ දී ගෝලීය ප්‍රශ්නවල බලපෑම සහ ‘මෘදු බලයෙහි’ ඇති වැදගත්කම පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයින් අදහස් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වසරේ ආරක්ෂක සම්මන්ත්‍රණය තවත් විශේෂ තැනක් ගනු ලබනවා. එනම් අපගේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දර්ශනය යටතේ මෙම වැඩමුළුව පැවැත්වීම වේ. ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ සභාපති ලෙස මෙම නව වින්තනයක් සමඟ එක්ව වැඩ කිරීමට විද්වතුන්ට ආරාධනා කරනවා. ත්‍රස්තවාදයට එරෙහිව යුද්දය අවසන් කර වසර හතක් ගත වෙද්දී අපගේ නායකත්වයෙන් දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ දැනුම බෙදා හදා ගැනීම ඉතා වැදගත්වනවා. පුළුල්ව පැතිරුණු ත්‍රස්තවාදය පරාජය කිරීමට අපගේ අභ්‍යන්තර විශේෂඥ දැනුම ලෝකයේ සෙසු රටවල්වලට ද ඉමහත් ප්‍රයෝජනයක් විය හැක. අද වන විට වසර කිහිපයක කෙටි කාලයක් තුලදී සාම්ප්‍රදායික හා රාජ්‍ය නොවන ආරක්ෂක ගැටළු ජාත්‍යානතර සහ මානව ආරක්ෂාව පාලනය කරනු ලැබේ. සිරියාව තුල ඇති සන්නද්ධ ගැටුම්, බංගලාදේශයේ ශිෂ්ටාචාර ගැටුම් ද මතවාද ගැටුම් බව තේරුම් ගත යුතු අතර, එම දෘෂ්ඨිවාදය හේතුවෙන් සතුරා පරාජයට වඩා තවත් තීව්‍ර වේ. වසර 19 ක් පැරණි මලාලා යූස්ෆායි ගේ බලයද ත්‍රස්තවාදයට එරෙහිව දෘෂ්ඨිවාදයක ගමන් කරනු ලැබීය. ත්‍රස්තවාදයට එරෙහිව බොහෝ මිනිසුන් දැක්වූ ප්‍රතිචාර ද මේ සඳහා තුඩු විය. මාගේ අදහස නම් ත්‍රස්තවාදය හා බෙදුම්වාදය මගින් අන්තර් ජාතික ආරක්ෂක ගැටළු මතුවීම සහ පැතිරීම වැළැක්වීමට නම් මෘදු බලය ඉතා යෝග්‍ය වන බවය. ත්‍රස්තවාදය වැනි දෘඩ ආරක්ෂක ප්‍රශ්න මෘදු බලයේ දී බල රහිත වේ. මෘදු බලයෙහි සහ දෘඩ බලයෙහි මිශ්‍රනය ‘ආකර්ශනීය බලය’ යන සංකල්පය වේ. මෘදු බලය අන් අයගේ කැමැත්ත නීත්‍යානූලව සහ සදාචාරව දැකිය හැකි අතර, එමගින් රටක පෞර්ෂත්වය, සංස්කෘතික, දේශපාන, සාරධර්ම සහ ආයතන මෙන්ම ජාතික සම්පත් ප්‍රතිපත්තීන් හැඩගස්වා ගැනීමේ හැකියාව ඇත. මෙය අපගේ බටහිර සහ නැගෙනහිර මිතුරන් විසින් යොදාගනු ලබන මූලෝපායක් වේ. උදාහරණයක් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාවේ ‘මෘදු බලය’ උපාය මාර්ගික ප්‍රතිපලයක් බවට පත් කරමින් ඇමෙරිකාවේ සංස්කෘතිය, ආයතන හා සාරධර්ම ඉතා දියුණූවට පත් වීම ලෝකයට සෘජු ලෙස බපෑම්කර ඇත. එමෙන්ම 2014 වර්ෂයේ චීන ජනාධිපති ෂිං ජිංපිං තම අභියෝගවලට නව බලයක් මතු කර ‘මෘදු බලය’ වර්ධනය කිරීමේ වඩා යහපත් ප්‍රථිපල ලෝකයාට ලබා දෙමින් ‘මෘදු බලයෙහි’ වැදගත්කම චීනය විසින් ද අවදාරණය කරනු ලැබීය. ‘මෘදු බලය’ අන් අය කෙරෙහි බපපෑම් ඇති කිරීමට ඇති හැකියාව වැඩි වේ. බලපෑම්, තර්ජන සියල්ල දෘඩ බලය විය හැකිය. බොහෝ විට මෘදු බලය ඉතා ආකර්ශණියව අර්ථ දැක්විය හැකිය.
affiliate link trace
|
Nike sneakers