Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
01st September 2016 15:38:07 Hours
කොළඹ ආරක්ෂක සමුළුව - 2016 ආරම්භය සඳහා සියල්ල සූදානම්
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සැප්තැම්බර් මස 1 සහ 2 යන දෙදින පුරා පැවැත්වීමට නියමිත 6 වන කොළඹ ආරක්ෂක සමුළුව - 2016, සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති අතර, ඒ සඳහා රටවල් 71 ක් නියෝජනය කරමින් විදෙස් සාමාජිකයින් 125 දෙනෙකු ඇතුලුව 800 ක් පමණ පිරිසක් සහභාගි වේ. මෙම වසරේදී ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ තේමාව කරගෙන ලෝක මට්ටමින් දෘඩ බලයේ පරිහානිය පිළිබඳව ගෝලීය විශේෂඥයින් හට හදුනා ගැනීමටත්, සාකච්ඡා කිරීමටත් වේදිකාවක් තනා දීම මගින් යුද හමුදා පිරිස් හට වෙනස්වන ලෝක ප්‍රවණතා පිළිබඳව විශේෂඥ දැනුම ලබා දීම මෙහි අරමුණ වේ. ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ මෙම වසරේ පවත්වනු ලබන සම්මන්ත්‍රණයේ ‘බල සංකල්පය’, ‘මෘදු බලය හා විවිධ බලපෑම්’, ‘මෘදු බලය, සාමය ගොඩනැගීම හා සන්නද්ධ හමුදා’ සහ ‘ගෝලීය ගැටලු කෙරෙහි මෘදු බලයේ බලපෑම’ ආදී උපතේමා නවයක් ඔස්සේ කරුණු සාකච්ඡා කරනු ඇත. මීට අමතරව, මහචාර්යවරුන්, ආරක්ෂක සහ හමුදා ප්‍රවීණයින් සහ විදේශීය සහ ජාතික මට්ටමේ පරිපාලන නිලධාරීන් ඇතුලු විද්වත් කමිටුවක් දෙවන දිනයේ සැසිය සඳහා ද සහභාගි වේ. සහභාගිවන්නන් සඳහා වු සුදානම්විමේ සැසියක් ද න්‍යාය පත්‍රයට ඇතුලත් වේ. ආරම්භක ප්‍රථම දිනයේ (සැප්තැම්බර් 1) දී ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පිළිවෙලින් ප්‍රධාන දේශනය සහ හඳුන්වාදීමේ ආරම්භක දේශණය සිදු කිරීමට නියමිතය. හිටපු විදේශ ලේකම් හා උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා, හිටපු නේටෝ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක හා ආර්ථික උපදේශක හා 12 වන නේටෝ මහ ලේකම්ගේ උපදේශක මහාචාර්ය ඒඩ්රියන් කෙන්ඩ්‍රි (එක්සත් රාජධානිය), ඩකා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තු සහාය මහාචාර්ය රෂීඩ් ඌශ් සමාන් (බංගලාදේශය), හිටපු තානාපති හා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිත (ශ්‍රී ලංකා) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ළමා හා සන්නද්ධ ගැටුම පිළිබඳ හිටපු විශේෂ නියෝජිත ආචාර්ය රාධිකා කුමාරස්වාමි, බැංකොක් හි සුරක්ෂිත හා ප්‍රධාන ආරක්ෂක අංශය / තායිලන්තයේ එක්සත් ජාතීන්ගේ සුරක්ෂිත සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක උපදේශක ආචාර්ය ක්‍රිස්ටෝපර් ඇන්කර්සෙන් (ඉතාලිය), ආරක්ෂක හා ආරක්ෂක සමුළුවේ (එක්සත් රාජධානිය) හිටපු සභාපති ඔල්ගා මේට්ලන්ඩ් ආර්යාව, පාකිස්තානු රජ්‍ය ජාතික ආරක්ෂක ඒජන්සියේ ලුතිතන් ජෙනරාල් (විශ්‍රාමික) නසාර් ඛාන් ජන්ජුවා, ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යාන්තර ආරක්ෂක කටයුතු පිඨයේ පීඨාධීපති ආචාර්ය චක් කුෂ්මන් (ඇමරිකා එක්සත් ජනපදය), කෙන්ට් විශ්ව විද්‍යාලයේ රදර්ෆර්ඩ් විදුහලේ අන්තර් ජාතික සබදතා පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පිලිප් කන්ලිෆ් (එක්සත් රාජධානිය), එක්සත් ජනපද යුද හමුදා පැසිපික් කලාපයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් මේජර් ජෙනරාල් ග්රෙග් බිල්ටන් (ඕස්ට්‍රේලියානු යුද හමුදාව), ශ්‍රී ලංකා ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබද ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රාම් මලික්කාලිංහම්, හොංකොං හි පිහිටි චීන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ආචාර්ය ඩෙරෙක් යුඑන් (හොංකොං), ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු යී ෂියැංලියැන්ග්, රියර් අද්මිරාල් ඩී සී ගුණවර්ධන, ගුවන් කොමදෝරු එච් එම් එස් කේ කොටකදෙණිය, හොනලුලු ආසියා පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ සහාය මාහාචාර්ය ශ්‍යාම් තෙක්වානි (හවායි), මේජර් ජෙනරාල් ඒ පී ද ඉසෙඩ් වික්‍රමරත්න, බණ්ඩාරනායක ජාත්‍යාන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය හරේන්ද්‍ර විදානගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා ද මෙම සැසිවාර සඳහා සම්පත්දායකයන් වෙති.
Best jordan Sneakers
|
New Jordans – Air Jordan 2021 Release Dates , Gov