Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2016 17:50:55 Hours

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සරුංගල් තරඟාවලියක්

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සංවිධානය කළ සරුංගල් තරඟාවලිය (මතින් නිදහස් රටක්) සඳහා යුද හමුදාවේ සියලු රෙජිමේන්තු ආවරණය වන පරිදි එක් රෙජිමේන්තුවක් වෙතින් සරුංගල් දෙක බැගින් ලබාදෙන ලදි. ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකාය, කයිට් ශ්‍රී ලංකා සංවිධානය හා ශ්‍රී ලංකා රොටරි සමාජය එක්ව සංවිධානය කරන ලද මෙම සරුංගල් තරඟාවලිය මීගමුව වෙරළ තීරයේ දී පැවැත් විය. යුද හමුදාපතිගේ උපදෙස් මත මනෝවිදාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධිකරණයෙන් යුද හමුදාව සාමාජිකයින් හට මෙම තරඟය සඳහා සහභාගී වීමට අවස්ථාව උදාකර දී තිබුණි. එහිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ප්‍රථම ස්ථානය හිමි කර ගත් අතර, ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය වෙත දෙවන ස්ථානය හිමිවිය. එමෙන්ම සැනසිලි ත්‍යාග 10 අතුරින් 07 ක්ම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ලබා ගන්නා ලදි. මෙම තරඟය නැරඹිම සඳහා ළමුන්, රාජ්‍ය නිලධාරින් සහ මහජනතාව ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.Buy Sneakers | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite