Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
29th August 2016 15:36:10 Hours
කීරමලෙයි නිවාස සංකීර්ණයෙහි ප්‍රතිලාභීන් සඳහා සනාථ කිරීමේ ලිපි
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව ක්‍රියාත්මක මේවන විටත් යාපනය අර්ධද්වීපයේ සහන මධ්‍යස්ථානවල රඳවා සිටින අවතැන් වුවන් සඳහා කීරමලෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නව නිවාස සියයේ ව්‍යාපෘතිය යටතේ එම නිවාසවල සනාථ කිරිමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සිකුරාදා (26) දින කිරමලෙයි නිවාස සංකිර්ණයේ දී සිදු කෙරිනි. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග සම්බන්දතාවයෙන් යුතුව අවතැන්වූවන්ගේ නිවාස ප්‍රශ්ණය විසදීමේ අදිටනින් රජය විසින් ලබා දුන් පලාලි අධි ආරක්ෂිත කලාපයයේ ආසන්නයේ ඉඩම්වල නිවාස සියයක් ඉදිකිරීමේ අභියෝගය භාර ගන්නා ලදී. මේ සඳහා යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයකගේ මඟපෙන්වීම සහ නායකත්වය යටතේ මේ වන විට නිවාස ව්‍යාපෘතියෙහි 60% ක පමණ ඉදිකිරීම් කටයුතු නිම කර ඇත. එළඹෙන ඔක්තෝම්බර් මස වන විට එම නිවාස ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය. එම අවතැන්වූවන් සඳහා ඉඩම් සහ නිවාසවල අයිතිය සනාථ කිරීමේ ලිපි බෙදා දීම යාපනය දිස්ත්‍රික් ලේකම් එන් වේතනායහන් මහතා සමගින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මහේෂ් සේනානායක විසින් සිදු කරනු ලැබීය. ඉන්අනතුරුව එම අවස්ථාව අමතමින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් පවසා සිටියේ මෙම ව්‍යාපෘතියේ රජයේ ඉදිරි සැලසුම් සහ හමුදා සම්බන්ධතා මගින් දීර්ඝකාලීනව අවතැන්වූවන්ගේ දුක්ගැනවිලි විසදීම සිදු කරන බවයි. මෙහිදී ආඥාපතිවරයා විසින් තවදුරටත් තහවුරු කර සිටියේ යාපනය අර්ධද්වීපය තුළ අවතැන්වූළුන් යන වචනය එහි ජනතාවගේ ශබ්ද කෝෂයෙන් ඉවත්වන තුරු යුද හමුදාව ක්‍රියා කරන බවයි. (ආරක්ෂක ලේකම් රාජ්‍ය නිලධාරීන් සහ යුද හමුදාපතිතුමා නිදහස්කරන ලද ඉඩම්වල ප්‍රගතිය ඇගයීම සම්බන්ද පෙර ප්‍රධාන පුවත බලන්න). එම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, 51 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කේ ශ්‍රී මෝහනන් මහතා, යාපනය දිස්ත්‍රික් අතිරේක ලේකම් සුබ්‍රමනියම් මුහන්දිරම් මහතා, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගි වූහ.
Sports Shoes
|
Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth