Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2016 15:26:50 Hours

භට පිරිස් ඩෙංග මර්ධනයෙහි තවදුරටත් යෙදේ

බටහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෝගය ඇතිව ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි තෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් සිකුරාදා (26) දින ආරම්භ කරනු ලැබීය. ඒ සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 සහ 58 යන සේනාංකයන්හි භට පිරිස් 200 දෙනෙක් සහභාගි වූ අතර, එහිදී ගෙවතු, කාණු පද්ධති, අපද්‍රව්‍ය එක්රැස් කරන ස්ථාන සහ මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන භට පිරිස් විසින් පරික්ෂා කරන ලදි.Buy Sneakers | Nike