Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2016 19:06:25 Hours

ඉන්දීය නියෝජිතයින් පිරිසක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ අධ්‍යාපන චාරිකාව

ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සුනිල් ශ්‍රිවාස්තව ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජාතික ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව හදාරන ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය නියෝජිතයින් පිරිසක් සහ ඔවුන්ගේ භාර්යාවන් සමඟ බදාදා (24) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය. පලාලි ගුවන් තොටුපල වෙත පැමිණි එම සංචාරක නියෝජිත පිරිස, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදක බ්‍රිගේඩියර් රුවන් ගුණතිලක සමගින් 553 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසුන්දර, 551 බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේරත් සහ පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ග ප් කපිතාන් දේශප්‍රිය සිල්වා විසින් පිළිගන්නා ලදි. එහිදි යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යාපනය අර්ධද්වීපයේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ සහ පශ්චාත් යුද සමයේ යුද සබඳතා සහ අභියෝග පිළිබඳව ඔවුන් දැනුවත් කළ අතරම, යුද ජයග්‍රහණයන් මෙන්ම සන්හිඳියාව සහ සුහඳත්ව ඇති කිරීම වෙනුවෙන් දියත් කරන ලද වැඩසටහන් පිළිබඳව ද දැනුවත් කිරීම මෙහිදි සිදු කෙරිනි. මෙම හමුව අවසානයේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන සංචාරය සිහිගන්වනු වස් එම නියෝජිත පිරිස වෙත සමරු තිළිණ පිරිනැමිම ද මෙහිදි සිදු කළ අතර, මේජර් ජෙනරාල් සුනිල් ශ්‍රිවාස්තව විසින් විශේෂ ආරාධිතයින් සඳහා වු පොතෙහි අත්සන් තැබිම ද සිදුකළහ.bridgemedia | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp