Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2016 18:56:13 Hours

අන්තර්ජාල බැංකු පහසුකම් පිළිබඳ යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරෙයි

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අනුමැතිය මත යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ පුර්ණ අධික්ෂණය යටතේ මහජන බැංකුව දියතලාව ශාඛාව විසින් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් ඊ බැංකු කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (25) දින පවත්වන ලදි. මෙම වැඩසටහනේ ආරාධිත දේශනය ස්වේච්ජා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එස්.බි. කොහොන විසින් සිදු කළහ. මෙහිදි මහජන බැංකු නියෝජිත කපිල විජේරත්න මහතා විසින් මහජන බැංකු ගිණුම්පත් හිමියන්ට විද්‍යුත් ගිණුම් ක්‍රමය හඳුන්වාදීම හා සහනදායි පොලී අනුපාතයක් මත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමේ සිදු කෙරිනි. එසේම මහජන බැංකුව සමග මූල්‍යමය ගනුදෙනු කරන යුද හමුදා සාමාජිකයින් හට හිමිවන විශේෂ ප්‍රතිලාභ පිළිබඳව ද ඔහු තවදුරටත් පැහැදිලි කළහ. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 100 දෙනෙක් සහභාගි වූහ.buy shoes | FASHION NEWS