Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2016 12:35:41 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ තවත් පුහුණු දිනයක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් තවත් පුහුණුවීම් දිනයක් බදාදා (24) දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. එම පුහුණුවීම් දිනයෙහි සමාරම්භක අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් පාලන භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත සහභාගි වූහ. මෙහිදී 25 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි මේජර් ඩබ්.එම්.යූ.එස් විජේසුන්දර විසින් ‘ශ්‍රී ලංකාව තුළ විසකුරු සර්පයන්’ පිළිබඳව දේශණය සහ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතාන් චන්දුසේකර විසින් ‘ජාත්‍යාන්තර මානුෂීය නීතිය’ පිළිබඳව දේශණය පවත්වනු ලැබීය. මේ අතර, සෙසු නිලයින් සඳහා මුලතිව් යුද හමුදා මූලික රෝහලෙහි කේප්‍රල් එස්.වී හෙට්ටිආරච්චි විසින් ‘ ‘ප්‍රථමාධාර’ පිළිබඳව දේශණය සිදු කරනු ලැබීය.bridge media | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News