Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
25th August 2016 19:43:31 Hours
‘දියකාවා යුද අභ්‍යාසය 7 වන වරටත් විදේශිකයින්ගේ සහභාගීත්වයෙන් කෝකිලායි හිදී ආරම්භ වේ
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා යුද අභ්‍යාසය - අදියර VII - 2016’ ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සෙබලුන් 3458 සමගින් හා විදේශිය හමුදා සාමාජිකයින් 49 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නැගෙනහිර කෝකිලායි ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිතය. ‘දියකාවා යුද අභ්‍යාසය - අදියර VII - 2016’ පිළිබඳව මාධ්‍ය සාකච්ජාව අද (25) උදෑසන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ශ්‍රවණාගාරයේ දී අධ්‍යක්ෂ අභ්‍යාස මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, එහිදී මෙම අභ්‍යාසයේ සංවිධාන කටයුතු නිසි පරිදි සිදු කර ඇති බවට වැඩිදුරටත් පවසනු ලැබීය. අභ්‍යාස අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, යුද හමුදා පුහුණු අණසක (ARTRAC) ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකාරක කපිතන් අක්රම් අලවි, අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, කමාන්ඩෝ බලසේනාවෙහි බලසේනාධිපත කර්නල් ඩී.එම්.යූ.ඩී බණ්ඩාර සහ විශේෂ බලකා වන සටන් පුහුණු පාසලෙහි සේනාවිධායක ලුතිතන් කර්නල් එම්.පී.කේ.එල් අමරසිංහ ඇතුළු පිරිස එම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගි වූහ. කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබලුන් බහුතරයක් ඇතුලත්ව පාබල හමුදා සෙබලුන් 2500 ක්, නාවික සෙබලුන් 638 ක් සහ ගුවන් සෙබලුන් 506 ක් සමගින් බංගලාදේශය, චීනය, ඉන්දියාව, ජපානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ එක්සත් රාජධානිය යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් ද සමඟ පවත්වනු ලබන මෙම දැවැන්ත අභ්‍යාසය මින්නේරියේ පිහිටි මෙහෙයුම් මුලස්ථානයේ දී සැප්තැම්බර් මස 3 දින පුළුල් සුදානම් රැස්වීමකින් අනතුරුව කෝකිලායි ප්‍රදේශයේ දී ආරම්භ වන අතර, සැප්තැම්බර් මස 25 වන දින පැවැත්වීමට නියමිත සමාප්ති උළෙලට පෙර දින දැවැන්ත ප්‍රදර්ශනයක් ද පැවැත් වේ. ‘දියකාවා යුද අභ්‍යාසය අදියර VII -2016’ හි සැලසුම් හා ක්‍රියාත්මක කිරීම, අභ්‍යාස අධ්‍යක්ෂවරුන් මණ්ඩලයක් හා යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ අභ්‍යාස අධ්‍යක්ෂක ලෙස අණදීම සිදු කරනු ලබන අතර, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා, බ්‍රිගේඩියර් ප්‍රදීප් සිල්වා සහ බ්‍රිගේඩියර් ප්‍රියන්ත පෙරේරා කටයුතු කරනු ලැබේ. මෙහි අතිරේක නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස කර්නල් නිශාන්ත හේරත් ද කටයුතු කරයි. මෙම ව්‍යාපෘතියේ පූර්ණ කටයුතු යුද හමුදා පුහුණු අණසක (ARTRAC) ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස් ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා හමුදාව 2009 වසරේ අවසන් කළ ලෝකයේ විශාලතම මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් පුහුණු අභ්‍යාසය දියත්වන අතර, මෙම අභ්‍යාසය නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සහ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රදේශයන් ආවරණය වන පරිදි කෝකිලායි දකුණ සහ පානම උතුරු ප්‍රදේශය ආවරණය කරමින් සිදු කෙරේ. එයට සමඟාමීව මුහුදු සහ ගුවන් ක්‍රියාන්විත වලින් ද සමන්විත වේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ මෙහෙයුම් හැකියාවන් සහ සෑම මට්ටමක සටන් සූදානම පවත්වාගැනීමේ අරමුණින් යුතුව මුහුදු අභ්‍යාස ද මෙහිදි දියත් කරයි. මෙම අභ්‍යාසයේ අවසන් අදියරේ දී යුද හමුදා භට පිරිස් සමග සම්බන්ධයෙන් නිදර්ශන සතුරු බලකොටු වෙත සෘජු ප්‍රහාර එල්ල කිරීමට බලාපොරොත්තු වේ. යුද හමුදාව ආරම්භ කරන මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ සංවිධානය කිරිම සහ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහයෝගීතාවයෙන් සිදු කරන අතර, උපක්‍රමික ප්‍රවේශයන්, වැටලීමේ සැලසුම්, ක්‍රියාත්මක කිරීම් සහ අණදිම් භාවිතා කරමින් ඕනෑම හදිසි අවස්ථාවක දී භට පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් යුතුව නිර්මාණය කර ඇත. එසේම, සැලසුම් සකස් කිරීම, පූර්ව සුදානම් වීම, තාක්ෂණික භාවිතය, සමායෝජනය, අණදීම, පාලනය, යුද්ධෝපාය ක්‍රම, ශිල්පීය ක්‍රමය සහ ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබඳව ද මෙහි දි පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ද ශ්‍රී ලංකාව තුල නැවත එම තත්වයක් උද්ගතවීමට නොදී ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ජාතියේ ආරක්ෂකයා ලෙස ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉවහල් වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පවසයි. ඒකාබද්ධ නාවික මෙහෙයුම් අණදෙන නිලධාරි කපිතාන් එච්.ආර්.එෆ්.එම්. තිසේරා සහ ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් අණදෙන නිලධාරි ගුවන් කෝමදොරු පි.ඩි.කේ.ටි. ජයසිංහ මෙම අභ්‍යාසයේ දී නාවික හමුදා සහ ගුවන් හමුදා භට පිරිස් සඳහා අණදෙන නිලධාරීන් ලෙස සහභාගි වේ. උපකල්පිත තත්ත්වයන් මත පදනම්ව සහ පුහුණු අරමුණු සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අවධානය යොමුකරමින් මෙම වසරේ ‘දියකාවා යුද අභ්‍යාසයෙහි’ අභ්‍යාස මුර සංචාරයන්, වනගත ක්‍රියාකාරකම්, පිරික්සුම් සහ නිරීක්ෂණය, වැටලීම්, සැඟව සිට පහර දීම, මුදවා ගැනීම්, අවහිර කිරිම්, සැගවී වෙඩිතැබිම්, නාගරික සටන් සහ ආපදා සහන ක්‍රියාකාරකම් ආදී විවිධ සටන් ක්‍රම මෙන්ම ක්‍රමෝපායන් ද පුහුණුව හරහා දියත් කිරීමට නියමිතය. කෝකිලායි දකුණ සහ පානම උතුරින් ආරම්භ වූ මෙම අභ්‍යාසය විදේශ රටවල්වල විදෙස් නියෝජිතයින් වැඩි පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීමට මෙම වසරේ සමත් වී ඇත. මෙහි ප්‍රදර්ශනාත්මක දිනය සැප්තැම්බර් 24 දින යාන්ඔය, අරිසිමලේ හි දී පැවැත්වෙන අතර, පසුදින (සැප්, 25) මෙම යුද අභ්‍යාසය සමාප්ති උත්සවයෙන් අවසන් වේ.
latest Running Sneakers
|
NIKE