Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
25th August 2016 19:22:30 Hours
යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ක්‍රීඩා කුසලතා පිළිඹිබු කරමින් ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ශූරතාවය පස්වන වරටත් දිනාගනී
ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවමින් වාර්ෂිකව පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල -2016 (22) සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශාරීරික අභ්‍යාස ක්‍රිඩාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් නිමා විය. 2003 වර්ෂයේ දී ආරම්භ කරන ලද ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල 2016 වර්ෂයේ දී නවවන වරටත් පවත්වනු ලැබූ අතර, එහි ශූරතාවය මෙවර ද ශ්‍රි ලංකා යුද හමුදාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලියෙහි පිරිමි සහ කාන්තා තරඟ ඉසව් 35 ක් පැවති අතර, ශ්‍රී ලංකා යුද හමුදා පිරිම් සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තරඟ ඉසව් 15 ක ශූරතාවයන් දිනා ගැනීමට සමත් විය (පිරිමි - 15සහ කාන්තා - 7). යුද හමුදාව විසින් මීට පෙරද (2003, 2004, 2007, 2008 ) වර්ෂයන්වලදී ද ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. යුද හමුදාධිපතිතුමාගේ උපදෙස් මත හා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඉතා සූපරීක්ෂාකරීව සිදු කරන ලද තේරීම් අතුරින් මෑත කාලයේ දී යුද හමුදාවට බදවාගත් මෙන්ම තරුණ සහ ආධුනික සෙබලුන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් මුළු තරඟාවලිය පුරාම පිළිඹිබු වූහ. මෙවර ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය අනෙකුත් හමුදාවන්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දියත් කරන ලදී. මෙම වර්ෂයේ මාර්තු මස ආරම්භ කරනු ලැබූ ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ පවත්වනු ලැබූ ක්‍රීඩා ඉසව් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයින් 800 දෙනෙකුගේ සහ ක්‍රීඩිකාවන් 400 දෙනෙකු පමණ තරඟ වැදුණහ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මැතිතුමා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් විජයගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගඟන් බුලත්සිංහල ඇතුළු බොහෝ පිරිසක් මෙම දැවැන්ත ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඇගයීම සඳහා එක් විය. මෙම උත්කර්ෂවත් සමාප්ති උළෙලේදී මළල ක්‍රීඩා ඉසව් කිහිපයක අවසන් මහා තරඟ හමුදා තූර්යවාදක සංදර්ශන මධ්‍යයේ පැවැතුණු අතර, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල -2016 හි සමාප්ති උළෙල ජාතික ගීය ගායනා කිරීමෙන් අනතරුව නිමාවට පත් විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සත්කාරයෙන් ඉදිරියේ දී 2017 වර්ෂයේ ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත අතර, එය සංකේතවත් කරමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට උත්සවය අවසානයේ ආරක්ෂක සේවා ධජය පිරිනමනු ලැබීය. මෙවර ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ යුද හමුදාව රන් පදක්කම් 120 ක්ද, නාවික හමුදාව රන් පදක්කම් 95 ක් සහ ගුවන් හමුදාව රන් පදක්කම් 84 ක් ලබා ගත් අතර, යුද හමුදාව රිදී සහ ලොකඩ පදක්කම් පිළිවෙලින් 133 ක් සහ 127 ක් ද ලබා ගැනීමට සමත් විය. ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල -2016 හි යුද හමුදා ජයග්‍රහන විස්තර පහතින් දැක්වේ. තරඟ සමස්ථ ශූරතාවය මළල ක්‍රීඩා පිරිමි කාන්තා බැට්මින්ටන් කාන්තා බේස්බෝල් පිරිමි කැරම් පිරිමි ක්‍රිකට් පිරිමි කාන්තා හෑන්ඩ්බෝල් පිරිමි ජූඩෝ පිරිමි කාන්තා කබඩි පිරිමි කරාතේ පිරිමි ඔරු පැදීම පිරිමි කාන්තා පාපන්දු කාන්තා මේස පන්දු කාන්තා ටයිකොන්ඩෝ පිරිමි ටෙනිස් පිරිමි වොලිබෝල් පිරිමි බර ඉසිලීම පිරිමි මල්ලව පොර පිරිමි වොටර් පෝලෝ පිරිමි
trace affiliate link
|
Gifts for Runners