Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
25th August 2016 19:20:27 Hours
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ පැවැත්වීම සඳහා සියල්ල සුදානම්
ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් නැගී එන ගැටළු පුළුල්ව හදුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් 2011 වර්ෂයේ සිට වාර්ෂිකව පවත්වනු ලැබූ ‘ආරක්ෂක සමුළුව’ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ යෝජනාවකට අනුව 2016 වර්ෂයේ සිට ‘කොළඹ ආරක්ෂක සමුළුව’ ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර එම සම්මන්ත්‍රණය මෙම වසරේ සැප්තැම්බර් 01 සහ 02 යන දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ. පැවැත්වීමට නියමිත 6 වන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ පිළිබඳ මාධ්‍ය සාකච්ජාව අද (25) උදෑසන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ශ්‍රවණාගාරයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙහිදී යුද හමුදාපතිතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අභ්‍යාසය යුද හමුදා සාමාජිකයන්ගේ පුළුල් වෘත්තීය දැනුම වර්ධනය කිරීමටත් වේගයෙන් වෙනස්වන ලෝක ප්‍රවණතා සහ අනෙකුත් වර්ධනයන් හමුදාමය වටපිටාව තුළ සහ අනෙකුත් වටපිටාවන් තුළට උචිත වන පරිදි සකස් විය යුතු බව පවසන ලදී. එමෙන්ම අප මෙම සම්මන්ත්‍රණයේ මූලික තේමාවට අමතරව වෙනත් ආශ්‍රිත ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීම සිදු කළ යුතු බවට පවසන ලදී. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම යුද හමුදාව අප රටෙහි ආරක්ෂාව වෙනුවෙන් බැදී සිටින අතර, සමහර මාධ්‍ය දක්වා ඇති පරිදි උතුරු නැගෙනහිර පිහිටි යුද හමුදා කඳවුරු ඉවත් කර නැති බවත් ‘එම වාර්ථා මුළුමනින්ම පදනම් විරහිත බවත්’ පවසන ලදී. තවද යුද හමුදාපතිතුමා එම සමුළුව පවත්වන ස්ථානයේ සූදානම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් අදහස් දැක්වීය. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස් රණසිංහ, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම, යුද හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් කේ.ජේ අල්විස්, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහභාගි වූහ. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ මෙහි පුරෝගාමී සමුළුව ජාතීන් 60 කට අයත් විද්වතුන් 160 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 2011 දී ආරම්භ කෙරුණු අතර, යුද හමුදාවේ වෘත්තීය හැකියාව මත සිවිල් සහ යුද හමුදා සම්බන්ධතාවය හරහා ජාත්‍යන්තර මට්ටමේ කටයුතු සංවිධානය කිරීමේ හැකියාව විදහාපාමින් 2015 දී රටවල් 70 කට අයත් විදේශීය විද්වතුන් 100 කට අධික පිරිසක් එම සමුළුව සඳහා සහභාගි වූහ. මෙම වසරේදී ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ මැයෙන් සැප්තැම්බර් මස 1 සහ 2 යන දෙදින පුරා පැවැත්වීමට නියමිත කොළඹ ආරක්ෂක සමුළුව - 2016, විවිධ විදේශ ප්‍රතිපත්ති හඳුනාගෙන ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කර ඇත. මෙවර සම්මන්ත්‍රණය සඳහා 800 ක් පමණ පිරිසක් සහභාගිවන අතර රටවල් 71 ක් නියෝජනය කරමින් විදෙස් සාමාජිකයින් 125 දෙනෙකු මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රතිපත්ති සම්පාදකයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන්, පර්යේෂකයන් ද ඒ අතර වෙති. ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ මෙම වසරේ පවත්වනු ලබන සම්මන්ත්‍රණයේ ‘බල සංකල්පය’, ‘මෘදු බලය හා විවිධ බලපෑම්’, ‘මෘදු බලය, සාමය ගොඩනැගීම හා සන්නද්ධ හමුදා’ සහ ‘ගෝලීය ගැටලු කෙරෙහි මෘදු බලයේ බලපෑම’ ආදී උපතේමා නවයක් ඔස්සේ කරුණු සාකච්ඡා කරනු ඇත. මීට අමතරව, මහචාර්යවරුන්, ආරක්ෂක සහ හමුදා ප්‍රවීණයින් සහ විදේශීය සහ ජාතික මට්ටමේ පරිපාලන නිලධාරීන් ඇතුලු විද්වත් කමිටුවක් දෙවන දිනයේ සැසිය සඳහා ද සහභාගි වේ. සහභාගිවන්නන් සඳහා වු සුදානම්විමේ සැසියක් ද න්‍යාය පත්‍රයට ඇතුලත් වේ. මෙම වසරේ ද කොළඹ ආරක්ෂක සමුළුව ආරක්ෂක අමාත්‍යංශ උපදෙස් මත පවත්වන අතර, මෙම කතිකාවත විශ්වීය හා කලාපීය වශයෙන් මහත් ආලෝකයක් ලබාදීමට හේතුවන හැරවුම් ලක්ෂයක් බවට ද සැලකිය හැක. මෙම සමුළුවේ අවසන් සංවිධානාත්මක කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව යුද හමුදාපතිතුමාගේ උපදෙස් යටතේ පත් කළ විශේෂ කමිටුවක් මගින් සිදු කරනු ලබන අතර, එහි ප්‍රධානත්වය යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය මගින් දරයි. ආරම්භක ප්‍රථම දිනයේ (සැප්තැම්බර් 1) දී ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පිළිවෙලින් ප්‍රධාන දේශනය සහ හඳුන්වාදීමේ ආරම්භක දේශණය සිදු කිරීමට නියමිතය. හිටපු විදේශ ලේකම් හා උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා, හිටපු නේටෝ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක හා ආර්ථික උපදේශක හා 12 වන නේටෝ මහ ලේකම්ගේ උපදේශක මහාචාර්ය ඒඩ්රියන් කෙන්ඩ්‍රි (එක්සත් රාජධානිය), ඩකා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තු සහාය මහාචාර්ය රෂීඩ් ඌශ් සමාන් (බංගලාදේශය), හිටපු තානාපති හා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිත (ශ්‍රී ලංකා) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ළමා හා සන්නද්ධ ගැටුම පිළිබඳ හිටපු විශේෂ නියෝජිත ආචාර්ය රාධිකා කුමාරස්වාමි, බැංකොක් හි සුරක්ෂිත හා ප්‍රධාන ආරක්ෂක අංශය / තායිලන්තයේ එක්සත් ජාතීන්ගේ සුරක්ෂිත සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක උපදේශක ආචාර්ය ක්‍රිස්ටෝපර් ඇන්කර්සෙන් (ඉතාලිය), ආරක්ෂක හා ආරක්ෂක සමුළුවේ (එක්සත් රාජධානිය) හිටපු සභාපති ඔල්ගා මේට්ලන්ඩ් ආර්යාව, පාකිස්තානු රජ්‍ය ජාතික ආරක්ෂක ඒජන්සියේ ලුතිතන් ජෙනරාල් (විශ්‍රාමික) නසාර් ඛාන් ජන්ජුවා, ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යාන්තර ආරක්ෂක කටයුතු පිඨයේ පීඨාධීපති ආචාර්ය චක් කුෂ්මන් (ඇමරිකා එක්සත් ජනපදය), කෙන්ට් විශ්ව විද්‍යාලයේ රදර්ෆර්ඩ් විදුහලේ අන්තර් ජාතික සබදතා පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පිලිප් කන්ලිෆ් (එක්සත් රාජධානිය), එක්සත් ජනපද යුද හමුදා පැසිපික් කලාපයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල් මේජර් ජෙනරාල් ග්රෙග් බිල්ටන් (ඕස්ට්‍රේලියානු යුද හමුදාව), ශ්‍රී ලංකා ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබද ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රාම් මලික්කාලිංහම්, හොංකොං හි පිහිටි චීන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ආචාර්ය ඩෙරෙක් යුඑන් (හොංකොං), ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු යී ෂියැංලියැන්ග්, රියර් අද්මිරාල් ඩී සී ගුණවර්ධන, ගුවන් කොමදෝරු එච් එම් එස් කේ කොටකදෙණිය, හොනලුලු ආසියා පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ සහාය මාහාචාර්ය ශ්‍යාම් තෙක්වානි (හවායි), මේජර් ජෙනරාල් ඒ පී ද ඉසෙඩ් වික්‍රමරත්න, බණ්ඩාරනායක ජාත්‍යාන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය හරේන්ද්‍ර විදානගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා ද මෙම සැසිවාර සඳහා සම්පත්දායකයන් වෙති. ‘කොළඹ ආරක්ෂක සමුළුව’ සංවිධානය කරනු ලබන්නේ ආරක්ෂක හමුදාවන් ලබා ගත් වටිනා අත්දැකීම් හුවමාරු කර ගැනීමට පමණක් නොව අන්තර් ජාතික ප්‍රජාවගේ ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ක්‍රියාමාර්ග සොයා ගැනීමේ දායකත්වය පිළිබඳ දැනුම ලබා ගැනීමටය. මෙම නිශ්චය කිරීම් බුද්ධිමය සම්බන්ධතාවයන් මත උපායමාර්ගික, උප කලාපීය, කලාපීය සහ ගෝලීය සහයෝගීතාවයන් පිළිබඳව ප්‍රධාන පෙළේ ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් එහිදී අදහස් ඉදිරිපත් කරනු ඇත. යුද හමුදාවේ හැකියාව, ආර්ථික බලය, සමාජ සංස්කෘතික සහ දේශපාලන වටිනාකම් සහ රාජ්‍ය විදේශ ප්‍රතිපත්ති යන කාරණාවන්ගෙන් සමහරක් විශ්වීය වශයෙන් වැදගත් මානුෂීය කාරණාවලට බලපාන ප්‍රස්තුත බවට පත් වේ. මේ තත්වය තුළ ‘දෘඩ බලය’ යන සම්ප්‍රදායික යෙදුම වෙනුවට ‘මෘදු බලය’ යන වචනය රාජ්‍ය ආරක්ෂාව හා සම්බන්ධව පෙරට යොදා ඇත්තේ සාමකාමී පැවැත්ම දැනුම හුවමාරු කර ගැනීම හා විදේශ සම්බන්ධතා පිළිබදව වේ. තවද භෞමික දේශපාලන ලක්ෂණ පිළිබඳව අපගේ අවතීර්ණවීමෙහි වෙනස්කම් ඇති කිරීමටත් මෙම තත්වය බලපා ඇත. ‘මෘදු බලය’ යන වචනය භාවිතා කිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් ආයුධ භාවිතා කිරීමේ ධාරිතාව අඩු කිරීමටත් වර්තමානයේ පවතින කායික පදනමේ ගැටුම් අවම කරගැනීමටත් හැකියාව ලැබී ඇත. මෙම සම්මන්ත්‍රණයේ සාර්ථක ප්‍රතිඵල ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් අධ්‍යයනයේ වැදගත්වන අරමුණක් වන ‘දෘඩ බලයේ’ උපාය මාර්ගික කරුණු පිළිබව ද දැනුවත් වීම ද මෙහිදී ඉතා වැදගත් වේ. තවද, මෙම සම්මන්ත්‍රණ පරිසරය තුල ඉගෙනුම් උපාය මාර්ග පිළිබඳ දැනුම වර්ධනය කිරීම මත බලය පිළිබද මෘදු අංග වැඩි දියුණු කිරීම හා තීරණාත්මක ගැටලු විසඳීමේ දී දෘඩ බලය හරහා රාජ්‍යතාන්ත්‍රිකව බලපෑම් අඩුකිරීමක් බවට පත් වේ. ශ්‍රී ලංකා හමුදාවන්ට මෙම උත්සාහය මගින් අපරිමිත ප්‍රතිලාභ මෙන්ම ජාතීන් සඳහා විවිධාකාරයේ නව මාවත් හා සහයෝගීතාව විවෘත වන අතර, මෙමගින් ජාතික ආරක්ෂාව, කලාපීය ස්ථාවරත්වය, අන්තර් ජාතික ආරක්ෂාව පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීමට ද අවකාශය ලැබේ. එලෙසම ‘මෘදු බලය’ පිළිබඳව විශ්ලේෂණාත්මක සංවාදයක් නිර්මාණය වීමට ධෛර්ය දීමක් ඒ සම්බන්ධ බලපෑමක් රට තුළ සිදු කිරීමත් මෙමගින් සිදු කෙරේ. ඒ වාගේම මෙමගින් රටක භූවිද්‍යාත්මත ලක්ෂණවලින් දිස්වන දේශපාලනයත් ඒ සම්බන්ධව නිත්‍යානකූල පසුබිමක් වෙනත් කිසිම ක්‍රමයකින් ලබා ගත නොහැක. ශ්‍රී ලංකා යුද හමුදාව මෙහිදී තමන්ගේ සංවිධානාත්මක හැකියාව පිළිඹිබු කරමින් සහභාගිවන්නන්ට සරිලන බුද්ධිමය පරිසරය සහ සුවපහසු නවාතැන් සහ ආගන්තුක සත්කාර ගලදාරී හෝටලය මගින් ලබාදෙනු ලැබේ.
Best Authentic Sneakers
|
Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos