Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2016 16:49:51 Hours

වික්ටෝරියා වේල්ල අසළ ඇති වූ ගින්න යුද හමුදා භට පිරිස් මැඩපවත්වයි

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටි වික්ටෝරියා වේල්ල ආසන්නයේ ඇති වනාන්තරයේ සඳුදා (22) දින අලුයම 3.00 ට පමණ හදිසි ගින්නක් හට ගත් අතර, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටාතේ ස්ථාපිති 111 බලසේනාවට අයත් 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් විසින් එය මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. එහිදී මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් වහා ක්‍රියාත්මක වී එම ගින්න මැඩපැවැත්වීම සඳහා ක්‍රියා කරනු ලැබීය. ඒ අනුව යුද හමුදා භට පිරිස් විසින් ප්‍රදේශයේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සිවිල් වැසියන්ගේ ද සහය ඇතිව පැය කිහිපයක් ඇතුලත එම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්විය.Sports Shoes | New Releases Nike