Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2016 16:45:19 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී දැනුවත් කිරීමේ වැඩසටහනක්

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ පූර්ණ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් ‘යුද හමුදා සාමාජිකයින් සඳහා රථ වාහන නීති රීති’ යනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (19) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. මෝටර් රථ ප්‍රවාහන පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ මෙන්ම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) පි. පෙරින්පානායගම් මහතා සහ මෝටර් රථ ප්‍රවාහන ආයතනයේ ඉංජිනේරු සරත් කාරියවසම් මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවිය. මෙහිදි, එම දේශකයින් විසින් මාර්ග නීති සහ ක්‍රියා පටිපාටිය, හදිසි අනතුරු වැළැක්වීම, රියදුරෙකු සහ පදිකයෙකු ලෙස තම වගකීම් ආදිය පිළිබඳව මනාව පැහැදිලි කරන ලදි. ඒ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් 25 ක් සහ සෙසු නිලයින් 183 ක් ඇතුලුව යුද හමුදා සාමාජිකයින් 208 ක් සහභාගි වූහ.short url link | Women's Nike Superrep