Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
22nd August 2016 23:51:24 Hours
2016 වසරේ හොඳම බිම් වෙඩි හදුනාගැනීමේ කාණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවෙන්
ලෝකය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබා දීමේ ආයතනයක් වන එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් 2016 ඔක්තොම්බර් මස 26 වන දින වොෂිංටන් ඩීසී හිදී පැවැත්වීමට නියමිත මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා වන අල්වින් සහ එම සුනඛයාගේ හසුරුවන්නා වන 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජී.එන්.ඩබ්ලිව්.එන් නවරත්න හට මාර්ෂල් ලිගර්සි ආයතන විසින් 2016 වසරේ හොඳම බිම් වෙඩි හදුනාගැනීමේ කාණ්ඩායම ලෙස ‘බිම් වෙඩි හදුනාගැනීමේ සුනඛයා -2016’ සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා තේරී පත් වි ඇත. මෙම ද්විත්ව සාමාජික බිම් බෝම්බ නිරීක්ෂණ කණ්ඩායමේ අල්වින් සහ එම සුනඛයාගේ හසුරවන්නා වන ලාන්ස් කෝප්‍රල් නවරත්න 2011 දෙසැම්බර් 28 වන දින සිට එක්ව වැඩ කටයුතු සිදු කරන අතර, උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මේ වන විට ආසන්න වශයෙන් වර්ග මීටර්73,340 ක ප්‍රමාණයක බෝම්බ නිශ්ක්‍රීය කිරීම් සිදු කර ඇත. ඔවුන්ගේ ක්‍රියාන්විතයන් වලින් මේ වන විට ආර්පීජී 20 ක්, අත් බෝම්බ 48 ක්, පුද්ගල නාශක බිම් බෝම්බ 137 ක්, පුපරා නොගිය පුපුරන ද්‍රව්‍ය 24 ක්, ඩෙටනේටර් 18 ක් , පතොරම් 243 ක් සහ යුද්ධයේ දී ඉතිරි වු අනෙකුත් පුපරන ද්‍රව්‍ය සොයගෙන ඇත. මොවුන් විසින් බිම් වෙඩි ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමේ දී අන්‍යෝන්‍ය අවබෝධය කාර්ය සඳහා ඇති කැපවීම මගින් පසුගිය වසර 5 ක කාලය තුළ පවුල් 415 ක අවතැන් වූ සාමාජිකයින් 1945 දෙනෙකු ඔවුන්ගේ නිත්‍ය ප්‍රදේශවල පදිංචි වී ඇති අතර, එම කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මහත් කැපීවීමෙන් යුත් ඉතාමත් ප්‍රශංසනීය ආකාරයෙන් ප්‍රථිපල බොහෝමයක් සාක්ෂාත් කරගෙන ඇත. මාර්ෂල් ලිගර්සි ආයනය විසින් අල්වින් සහ නවරත්න මෙම සම්මානය සඳහා තෝරා ගැනීමේ දී ඔවුන් විසින් බිම් වෙඩි සහ අනෙකුත් පුපරන ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ දී ඔවුන්ගේ කැපවීම සම්බන්ධයෙන් ඇගයීමකට ලක්කළ අතර, මාර්ෂල් ලිගර්සි ආයනයේ සභාපතිතුමා විසින් යුද හමුදාපති වෙත එවන ලද ලිපිය මගින් වොෂිංටන් ඩීසි හිදී පැවැත්වෙන උත්සවයේ දී මෙම සම්මානය ලබා ගැනීම සඳහා එම කණ්ඩායම හට ආරාධන කර ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මෙම සම්මානය ලැබීම සම්බන්ධයෙන් දැනගත් පසු එම කණ්ඩායම වෙත ඔහුගේ උණුසුම් සුභ පැතුම් පුද කරනු ලැබීය. මෙම එක්සත් ජනපද මාර්ෂල් ලිගර්සි ආයනයේ අධ්‍යක්ෂක මණ්ඩලය පෙරී එෆ් බැල්ටිමෝර් ඇතුළු සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වේ. ඊට අමතරව හත් දෙනෙකුගෙන් යුත් අන්තර්ජාතික උපදේශක කමිටුවක් විසින් ශ්‍රී ලංකා යුද හමුදා බිම් වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාන්විතය සඳහා 2011 වර්ෂයේ සිට කාර්මික සහය ලබා දෙනු ලැබේ. එමෙන්ම වර්ග මීටර් 9570 ක ප්‍රදේශයක බිම් වෙඩි, පුද්ගලනාශක බෝම්බ 101 ක්, අත් බෝම්බ 3 ක්, මිලිමීටර් 60 මෝටාරයක් සහ ආර්පීජී බෝම්බ දෙකක් නිශ්ක්‍රීය කිරීම හේතුවෙන් 2012 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකා බිම් වෙඩි හදුනාගැනීමේ සුනඛ කයිරෝ සහ එම සුනඛයා හසුරවන්නා වන ඉංජිනේරු සෙබල ඩී.කේ.එන් රෝහණ මෙම සම්මානය සඳහා තේරී පත් විය. 2011 ජුනි මස දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධයෙන් මාර්ෂල් ලිගර්සි ආයනය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත බිම් වෙඩි හදුනාගැනීමේ සුනඛයින් හය දෙනෙකු ලබා දුන් අතර, සුනඛයින් සඳහා වූ ලෝක පුහුණු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සුනඛ පුහුණූ උපදේශකයෙකු ගේ සහය ද ලබා දෙන ලදී. එම කණ්ඩායම බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වලට ප්‍රථම එක්සත් ජාතීන්ගේ පිළිගැනීමේ පරීක්ෂණය සඳහා මාස තුනක් පුරා ඇඹිලිපියේ පිහිටි ඉංජිනේරු පුහුණූ පාසලේ එම පුහුණු පාඨමාලාව හදාරනු ලැබීය. ශ්‍රී ලංකා යුද හමුදා බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉංජිනේරුවන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අතුරන ලද බෝම්බවලින් තෝර දේශයක් නිර්මාණය කිරීම සඳහා ඉතා කැපවීමෙන් ක්‍රියා කරන අතර, මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් මෙම දෙදෙනා වෙත පිරිනමනු ලැබූ එම සම්මානය යුද හමුදා බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉංජිනේරුවන්ගේ සුවිශේෂී කාර්යභාරය විදහා දක්වනු ලැබේ. ඉතා තියුණු ඉවක් සහ බුද්ධියක් සහිත අල්වින් සුනඛයා බිම් වෙඩි හදුනාගැනීමේ ක්‍රියාන්විතයට යොමු කළ පළමු දිනයේ සිටම ඉතා ඉහළ මට්ටමේ දක්ෂතා දැක් වූ අතර, මේ වන විට වයස අවුරුදු හතයි මාස හතරක් පමණ වන බෙල්ජියම් මැලිනොයිස් වර්ගයට අයත් සුනඛයෙකි.
Best Sneakers
|
adidas Yeezy Boost 350